Health

තවත් කොවිඩ් රැල්ලක් එයිද?

පර්යේෂණ මට්ටමේ තිබෙන ෆයිසර් සමාගමේ Paxlovid නම් ඖෂධය මගින් වැඩිහිටි කොවිඩ් ආසාදිතයන් රෝහල්ගතවීම හා මරණ 89%කින් අවම කළ හැකි බව එම සමාගම පවසනවා. Merck සහ Ridgeback Biotherapeutics සමාගම් විසින් නිෂ්පාදනය කරන ලද මුඛ මාර්ගයෙන් ලබාදෙන molnupiravir ඖෂධයට බ්‍රිතාන්‍යයේ කොන්දේසි සහිත අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ඖෂධ කිසිවකට තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැහැ. එහෙත්, ඒවා දෙසැම්බරය වන විට වෙළඳපොළට පැමිණිය හැකි බව රොයිටර් පුවත් සේවය පවසනවා.

1 Minute