Politics

හෙට අරින රටේ අපේ ජීවිත අපේ අතේ

බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත.

1 Minute