මිනි මෝක් කාර්

මිනි මෝක් කාර් කියන්නෙ එක වකවානුවක ඉතා ජනප්‍රිය වූ දැනුත් පරණ කාර් ලෝලීන් අතර ජනප්‍රිය කාර් එකක්. එය විවෘත, කුඩා කාරයක්.

Sinhala Tamil English Translations and Content Writing

ඔස්ටින් මිනි, මොරිස් මිනි, ලේලන්ඩ් මිනි විදියට හැඳින්වුණ කුඩා ක්‍රීඩාශීලී කාර් වර්ගයේ ම ප්‍රභේදයක් විදියට තමයි මිනි මෝක් කාරය හැදුවෙ. මිනි මෝක් බිම සිට තට්ටුවට උස අඩු කාරයක් නිසා එය රළු මාර්ගවල පාවිච්චියට එතරම් උචිත නැහැ. එය සාදා තිබෙන්නේ පහසුවෙන් නඩත්තු කළ හැකි, මිළ අඩු, සරල කාරයක් ලෙසයි.

පැරෂූට් මගින් බාන්නට පුළුවන් මිලිටරි වාහනයක් ලෙසයි මෙහි නිර්මාතෘන් මෙය හඳුන්වා දුන්නෙ. එහෙත් එය ඒ අන්දමින් අලෙවි කරන්නට බැරි වුණ නිසා පසුව ගොවීන් වැනි අයට පාවිච්චි කළ හැකි සරල කාරයක් ලෙස වෙළඳපොළට හඳුන්වා දෙන්නට පියවර ගත්තා. මූලික කාරය වෙළඳපොළට හඳුන්වා දුන්නේ පවුම් 400කට මඳක් වැඩි මිළකටයි.

1964දී නිෂ්පාදනය ඇරඹුණු මිනි මෝක් බ්‍රිතාන්‍යයේත්, පසුව ඕස්ට්‍රේලියාවේත්, අවසානයේදී පෘතුගාලයේත් නිෂ්පාදනය කර තිබෙනවා. 1993දි එහි නිෂ්පාදනය නතර වුණා. එම වකවානුව ඇතුළත මිනි මෝක් කාර් 50,000කට වඩා නිෂ්පාදනය කරනු ලැබුවා. ඒවා ලොව පුරා ම ජනප්‍රිය වුණා.

මෝක් කියන්නේ පැරණි භාෂා ව්‍යවහාරයකින් බූරුවාටයි.

1967දී නිෂ්පාදිත ද ප්‍රිස්නර් (සිරකරුවා) නම් බ්‍රිතාන්‍ය ටෙලි නාටක මාලාව නිසා ද මිනි මෝක් කාරය ජනප්‍රිය වුණා.

ලංකාවේත් හොඳ තත්වයේ මිනි මෝක් කාර් කීපයක් තවමත් තිබෙනවා. ධර්මපාල අයියාගේ මිනි මෝක් එක ඒ අතරින් එකක්.

ධර්මපාලගේ මිනි මෝක් එක ගැන විස්තර මෙතනින්

ද ප්‍රිස්නර්හි මිනි මෝක් ටැක්සිය (විකිපීඩියා)
කොළඹදී දුටු තවත් අපූරු මිනි මෝක් එකක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *