විදුලි අර්බුදයට වගකිව යුත්තෙ කවුරු ද?

විදුලිය කැපේ. වගකිව යුත්තේ කවුරු ද? වැස්ස වළාහක දෙවියන් ද?

නැත. වගකිවයුත්තන් මෙසේ ය:

  1. ජනාධිපති හා අගමැති
  2. හිටපු හා වත්මන් විදුලි බල ඇමතිලා
  3. ලංකා විදුලි බල මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන්
  4. ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය
  5. මහජන උපයෝගිතා කොමිෂම

ලංකාවේ විදුලි බලය යනු මේ පංච මහා චෞර බලවේගයේ ග්‍ර‍හණයට හසු වූ හොර මාෆියාවකි.

ලංකාවේ බලශක්ති මූලාශ්‍ර‍ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මේ පස්ගොල්ලන් අතර දැන් වසර ගණනාවක් තිස්සේ ඇදී යන කඹ ඇදිල්ලක් තිබේ. ඒ කඹ ඇදිල්ල පිටුපස ඇත්තේ දැවැන්ත කොමිස් ජාවාරම් සංකීර්ණයකි.

දැන් මේ හැම එකෙකු ම කියන්නේ අපි ඕක කිව්වා කියා ය. අපට කියා වැඩක් නැත. කළ දෙයක් නැත.

Sinhala Tamil English Translations and Content Writing

Leave a Reply

Your email address will not be published. Required fields are marked *