මොබ් ප්‍රචණ්ඩත්වයේ ඊළඟ අදියර පශ්චාත්තාපයයි

මොබ් ප්‍රචණ්ඩත්වයට ආකර්ශනය වුණා නම්, ඒකෙ ඊළඟ පියවර වන පශ්චාත්තාපයත් දරාගන්න. ඒක එහෙම විය යුතුයි.

1. ගිනිතිබ්බෙ මාළිගා නෙමෙයි. ටිකක් හොඳ ගෙවල්. ඒවට වන්දි ගෙවන්න වෙන්නෙත් මහජන මුදලින්.

2. ඔය බස් අපට පොදු ප්‍රවාහන පහසුකම් සපයපු ඒවා. ඇඳිරි නීති අයින් කරනකොට ඒවා පාරෙ නැහැ. හුඟක් බස් කන්ඩෙම්. ඒවා මස් කරන එක විතරයි කරන්න පුළුවන්.

3. වෛරයට පාත්‍ර වෙච්ච ධනවතුන් ළඟ රැකියා කරපු විශාල පිරිසකට දැන් රස්සා නැහැ.

4. ගිනි දෙවියන්ට පිදුව සිමෙන්ති, යකඩ, ප්ලාස්ටික්, විදුලි උපකරණ හා ගෘහ උපකරණ බොහොමයක් ආනයනික භාණ්ඩ #Dollar

5. වෙච්ච හානිය රුපියල්වලින් බිලියන ගණනක්

6. මේකත් 1983 ජුලි කෝලාහලය වගේම තමයි ඉතිහාසගත වෙන්නෙ.

7. මේව දැක්ක පිටරටවල් අපට උදව් කරයිද?

ප්‍රචණ්ඩත්වයෙන් අත්වුණ වාසි තියෙනවා නම්, ඒවා මට අදාළ නැහැ.
#NeverAgain

Leave a Reply

Your email address will not be published. Required fields are marked *