Incheon Declaration

අධ්‍යාපනය පිළිබඳ ඉන්චොන් ප්‍රකාශය

(පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ විසිනි)

ලෝක අධ්‍යාපන සංසදය – 2015
ඉන්චොන් ප‍්‍රකාශනය
අධ්‍යාපනය 2030 – සියලූ දෙනා ඇතුළත් කර ගත් සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනය හා සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීම

Sinhala Tamil English Translations and Content Writing

පූර්විකාව
1. ඇමතිවරුන්, නියෝජිත පිරිස්වල නායකයන්, නියෝජිතායතන ප‍්‍රධානීන්, ද්විපාර්ශ්වීය හා බහු පාර්ශ්වීය සංවිධාන නිලධාරීන්, සිවිල් සමාජ නියෝජිතයන්, ගුරු වෘත්තිකයන්, තරුණයන් හා පෞද්ගලික අංශය නියෝජනය කරන්නන් වන අපි 2015 මැයි මස එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ) අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ආරාධනයෙන් කොරියානු ජනරජයේ ඉන්චොන්හිදී ලෝක අධ්‍යාපන සංසදය – 2015 වෙනුවෙන් රැුස් වුණෙමු. මෙම වැදගත් අවස්ථාව සඳහා සත්කාරකත්වය දැරූ කොරියානු රජය හා එහි සම කැඳවුම්කරුවන් වූ එක්සත් ජාතීන්ගේ ළමා අධ්‍යාපන අරමුදල, ලෝක බැංකුව, එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය හා එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ කොමසාරිස් කාර්යාලය වෙත අපගේ ස්තුතිය පිරිනැමේ. 2030 අධ්‍යාපනය වෙනුවෙන් මෙම වැදගත් අවස්ථාව කැඳවීම පිළිබඳ යුනෙස්කෝ සංවිධානයට අපගේ අවංක ඇගයීම පිරිනමමු. 

2. 1990දී ජොම්ටියන්හිදී මුල පුරන ලද හා 2010දී ඩකාර්හිදී නැවත ප‍්‍රකාශ කරන ලද සැමට අධ්‍යාපනය සඳහා වූ ලෝක ව්‍යාපාරය මෙම ඓතිහාසික අවස්ථාවේදී අපි නැවත අනුමත කරන්නෙමු. එය මෑත දශකවලදී අධ්‍යාපනය වෙනුවෙන් කරන ලද වැදගත් ම කාර්යයකි. එමගින් අධ්‍යාපනයේ කැපී පෙනෙන සංවර්ධනයක් ඇති කරන්නට උපකාර කර තිබේ. අධ්‍යාපනය සඳහා තිබෙන අයිතිය හා එය වෙනත් මානව හිමිකම් සමග සම්බන්ධ වන ආකාරය හුවා දක්වන විවිධ ජාත්‍යන්තර හා කලාපීය මානව හිමිකම් ගිවිසුම්වලින් ප‍්‍රකාශිත දැක්ම හා දේශපාලන අධිෂ්ඨානය ද අපි නැවත තහවුරු කරන්නෙමු. එම ප‍්‍රයත්නයන් අගය කරන ගමන් ම අපි අධ්‍යාපනය සැමට ලබා දීමේ අරමුණින් සෑහෙන දුරස්තර ය යන කාරණය කෙරෙහි ද බැ?රුම් අවධානය යොමු කරන්නෙමු.

3. පුළුල් අදහස් විමසීමකින් අනතුරුව සකස් කරන ලද, 2014 සැමට අධ්‍යාපනය සඳහා ගෝලීය සමුළුවේ දී සම්මත කරන ලද මස්කට් ගිවිසුම සිහිපත් කරන්නෙමු. එමගින් ධරණීය සංවර්ධන ඉලක්ක පිළිබඳ විවෘත වැඩ කණ්ඩායමේ යෝජිත අධ්‍යාපන ඉලක්ක සාර්ථකව දැනුම් දෙන ලදී. 2015න් පසු අධ්‍යාපනය පිළිබඳ කලාපීය අධ්‍යාපන සමුළුවල ප‍්‍රතිඵල ද අපි නැවත සිහිපත් කරන්නෙමු. 2015 සැමට අධ්‍යාපනය පිළිබඳ ගෝලීය නිරීක්ෂණ වාර්තාවේ ද සැමට අධ්‍යාපනය පිළිබඳ කලාපීය සංස්ලේෂණ වාර්තාවේ ද සොයාගැනීම් පිළිබඳවත් සඳහන් කරන්නෙමු. ගෝලීය අධ්‍යාපන පළමු මුලපිරුම මෙන් ම රජයන්, කලාපීය හා අන්තර් රාජ්‍ය සංවිධාන හා රාජ්‍ය නොවන සංවිධාන විසින් අධ්‍යාපනය සඳහා දේශපාලන කැපවීම ස්ථාපිත කිරීම සඳහා කරන ලද වැදගත් දායකත්වය ද අපි අගය කරන්නෙමු. 

4. සැමට අධ්‍යාපනය ලබා දීමේ අරමුණ වෙනුවෙන් 2000 වසරේ සිට සිදු වූ ප‍්‍රගතිය හා අධ්‍යාපනය හා සම්බන්ධ සහශ‍්‍රක සංවර්ධන ඉලක්ක සැලකිල්ලට ගනිමින් ද, උගත් පාඩම් සලකා බලමින් ද, ඉතිරි වී තිබෙන අභියෝග නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, 2030 යෝජිත අධ්‍යාපන න්‍යාය පත‍්‍රය හා ක‍්‍රියාකාරිත්වය සඳහා වැඩ රාමුව මෙන් ම එය අත්පත් කර ගැනීම සඳහා අනාගත ප‍්‍රමුඛතා හා මූලෝපායන් ගැන සිතා බලමින් ද අපි මෙම ප‍්‍රකාශනය සිදු කරන්නෙමු.

2030 දෙසට අධ්‍යාපනය සඳහා නව දැක්මක්

5. අපගේ දැක්ම වන්නේ අධ්‍යාපනය හරහා ජීවිත පරිවර්තනය කිරීමේ, සංවර්ධනයේ සහ වෙනත් ධරණීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමේ ප‍්‍රධාන ධාවකය ලෙස අධ්‍යාපනයේ වැදගත් භූමිකාව හඳුනා ගැනීමයි. කිසිවකු අතහැර නො දමන, සාකල්‍ය, උන්නතිකාමී හා අභිලාෂමය නව ඒකීය අධ්‍යාපන න්‍යාය පත‍්‍රයක දැඩි අවශ්‍යතාව වෙනුවෙන් අපි කැපවෙමු. යෝජිත සිව් වන ධරණීය සංවර්ධන ඉලක්කය වන කාටත් පිවිසිය හැකි සාධාරණ, ගුණාත්මක අධ්‍යාපනයක් හා ජීවිත කාලය පුරා ම අධ්‍යාපනය ලබා ගැනීමට සැමට තිබෙන අයිතිය ප‍්‍රවර්ධනය කිරීම හා එහි අභිමතාර්ථ විසින් මෙම දැක්ම පූර්ණව ග‍්‍රහණය කරගෙන තිබේ. පරිවර්තනීය හා විශ්වීය වන එය විසින් සැමට අධ්‍යාපනය න්‍යාය පත‍්‍රය හා අධ්‍යාපනයට අදාළ ධරණීය සංවර්ධන ඉලක්ක සම්බන්ධ අවසන් නො කරන ලද කාර්යයන් වෙත අවධානය යොමු කරයි. එසේම, ගෝලීය හා ජාතික අධ්‍යාපන අභියෝග ආමන්ත‍්‍රණය කරයි. එය නිර්මානය වන්නේ මානව හිමිකම් හා ගරුත්වය, සමාජ යුක්තිය, සියලූ දෙනා ඇතුළත් කර ගැනීම, ආරක්ෂාව, සංස්කෘතික, භාෂාමය හා ජාතික විවිධත්වය, බෙදා හදා ගත් වගකීම් හා වගවීම් අනුදකින මානව හිමිකම් හා ගරුත්වය මත පදනම් වූ අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබඳ මානුෂීය දැක්මක් මත ය. අධ්‍යාපනය පොදු යහපතක් බව ද, මූලික මානව හිමිකමක් බව ද, වෙනත් හිමිකම් සාධනය කර ගැනීම තහවුරු කර ගැනීමේ පදනමක් ලෙස ද අපි නැවත තහවුරු කරන්නෙමු. සාමය, ඉවසීම, මානව පරිපූර්ණත්වය හා ධරණීයසංවර්ධනය සඳහා එය අත්‍යවශ්‍ය ය. පූර්ණ රැුකියා නියුක්තිය හා දිළිඳුභාවය දුරලීම සඳහා අධ්‍යාපනය ප‍්‍රධාන යතුරක් බව අපි වටහා ගන්නෙමු. ජීවිතය පුරා (යාවජීව) ඉගෙනීමේ ප‍්‍රවේශයක් තුළ, පිවිසීම, සාධාරණත්වය හා ඇතුළත් කරගැනීම සහ අධ්‍යාපන ප‍්‍රතිඵලවල ගුණාත්මකභාවය වෙත අපි අපගේ ප‍්‍රයත්නයන් යොමු කරන්නෙමු. 

6. පසුගිය වසර 15 තුළ අධ්‍යාපනය වෙත පිවිසීමේ පහසුව පුළුල් කිරීමේදී අප විසින් අත්පත් කර ගන්නා ලද කැපී පෙනෙන ජයග‍්‍රහණවලින් අභිපේ‍්‍රරණය වෙමින් අපි වසර 12ක නිදහස්, පොදු අරමුදලින් පවත්වාගෙන යන, සමාන ගුණයකින් යුත් ප‍්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනයක් සහතික කරන්නෙමු. එහි අඩු වශයෙන් වසර නවයක කාලයක් අනිවාර්ය වන අතර අදාළ ඉගෙනුම් ප‍්‍රතිඵලවලට යොමු වේ. සියලූ ළමයින්ට ගුණාත්මක පූර්ව ළමා විය සංවර්ධනයකට අවස්ථාව ලබා දෙන, අඩු තරමේ එක් වසරක හෝ නිදහස්, අනිවාර්ය, ගුණාත්මක පූර්ව ප‍්‍රාථමික අධ්‍යාපනයක් අපි දිරි ගන්වන්නෙමු. පාසලෙන් බැහැර වූ ළමයින් හා ගැටවරයන්ගෙන් සමන්විත විසල් ජනගහණය වෙනුවෙන් අර්ථවත් අධ්‍යාපනයක් හා පුහුණු අවස්ථා ලබා දීම වෙනුවෙන් ද අපි ඇප කැප වෙමු. ඔවුන්ට ඉක්මණ්, ඔවුන් වෙනුවෙන් ම සකසන ලද, ධරණීය ක‍්‍රියාමාර්ගයක් අවශ්‍ය ය. එහි අරමුණ විය යුත්තේ සියලූ ළමයින් පාසල්වල සිටින හා ඉගෙනුම ලබමින් සිටින බව සහතික කිරීමයි. 

7. අධ්‍යාපනය තුළ හා අධ්‍යාපන කාලය පුරා දක්නට ලැබෙන ඇතුළත් කර ගැනීම හා සමානාත්මතාව පරිවර්තනීය අධ්‍යාපන න්‍යාය පත‍්‍රයෙහි මුල් ගලකි. එබැවින් සහභාගිත්වයේ හා ඉගෙනුම් ප‍්‍රතිඵලවල සියලූ ආකාරවල බැහැර කිරීම්, කොණ් කිරීම්, විෂමතා හා අසමානතා නැති කිරීමට අපි ඇප කැප වන්නෙමු. සියලූ දෙනා සම්බන්ධයෙන් සාධාරණ වන්නේ නැතිනම් කිසිදු අධ්‍යාපන ඉලක්කයක් සාක්ෂාත් කර ගත් බව සැලකිය යුතු නැත. එබැවින් අධ්‍යාපන ප‍්‍රතිපත්තිවල අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපි කැප වන්නෙමු. එහිදී වඩාත් ම අවාසි සහගත තත්වයන් තුළ ජීවත් වන, විශේෂයෙන් ම ආබාධ සහිත ජනයාට අවධානය යොමු කරමින් කිසිවකු අතහැර නො දැමෙන ලෙස අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට අපි කැප වන්නෙමු. 

8. සැමට අධ්‍යාපනයේ හිමිකම සාක්ෂාත් කර ගැනීමේදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවයේ වැදගත්කම ද අපි හඳුනා ගන්නෙමු. එබැවින් අපි ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය ගැන සංවේදී ප‍්‍රතිපත්ති සම්පාදනයට, පරිසරයන් සැලසුම් කිරීමට හා ඉගෙනීමට, ගුරු පුහුණුවලදී හා විෂයමාලාවලදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ කාරණා විධිමත් කිරීමට සහ පාසල්වලදී ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය මත සිදු වන ප‍්‍රචණ්ඩත්වය හා අසාධාරණයන් දුරලීමට ඇප කැප වන්නෙමු. 

9. ගුණාත්මක අධ්‍යාපනයක් හා ඉගෙනුම් ප‍්‍රතිඵල වර්ධනය කිරීම වෙනුවෙන් අපි ඇප කැප වන්නෙමු. ඒ සඳහා යෙදවුම් ශක්තිමත් කිරීම, ප‍්‍රතිඵල විශ්ලේෂණය, තක්සේරු කිරීම සහ ප‍්‍රගතිය මැනීමේ මිනුම් දඬු අවශ්‍ය ය. ගුරුවරුන් හා අධ්‍යාපනඥයන් බලගැන්වීම, ප‍්‍රමාණවත් පරිදි බඳවා ගැනීම, මැනැවින් පුහුණු කිරීම, වෘත්තීයමය වශයෙන් සුදුසුකම් ලබා දීම, අභිපේ‍්‍රරණය කිරීම හා සම්පත් පූර්ණ, කාර්යක්ෂම හා මැනැවින් පාලනය කරනු ලබන පද්ධතියක සහයෝගය ලබා දීම තහවුරු කරන්නෙමු. ගුණාත්මක අධ්‍යාපනය විසින් දැනුම හා නිර්මානශීලිත්වය වර්ධනය කරනු ලැබේ. එමගින් සාක්ෂරතාවේ හා විවිධත්වයේ පදනම් කුසලතා ලබා ගැනීම මෙන් ම විශ්ලේෂණාත්මක, ගැටලූ විසඳා ගන්නා හා වෙනත් ඉහළ මට්ටමේ ඥානමය, අන්තර් පුද්ගල හා සමාජ කුසලතා තහවුරු කරනු ලැබේ. එමගින් පුරවැසියන්ට සෞඛ්‍ය සම්පන්න හා පිරිපුන් ජීවිත ගත කිරීම සඳහා අවශ්‍ය කුසලතා, වටිනාකම් හා ආකල්ප සංවර්ධනය කරනු ලැබේ. එසේම, තොරතුරු මත පදනම් වූ තීරණ ගැනීමට ද, අධ්‍යාපනයේ ධරණීය සංවර්ධනයට හා ගෝලීය පුරවැසි අධ්‍යාපනයට අදාළ දේශීය හා ගෝලීය අභියෝගවලට ප‍්‍රතිචාර දැක්වීමට ද අවස්ථාව ලබා දෙයි. මෙහිදී අපි අධ්‍යාපනයේ ධරණීයසංවර්ධනය පිළිබඳ 2014දී අයිචි-නගෝයාහි පවත්වන ලද ලෝක සමුළුවේදී දියත් කරන ලද ගෝලීය ක‍්‍රියාමාර්ග වැඩසටහන සහ අධ්‍යාපනයේ ධරණීය සංවර්ධනය ක‍්‍රියාත්මක කිරීමට දැඩිව සහාය දෙන්නෙමු. 2015න් පසු ධරණීය සංවර්ධනය න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීම සඳහා මානව හිමිකම් අධ්‍යාපනයේ හා පුහුණුවේ වැදගත්කම ද අපි අවධාරණය කරන්නෙමු. 

10. සැමට ජීවිතය පුරා ම සෑම පසුබිමකදී හා සෑම අධ්‍යාපන මට්ටමකදී ම ඉගෙනීමේ අවස්ථා ලබා දීම වෙනුවෙන් ද අපි ඇප කැප වී කටයුතු කරන්නෙමු. ගුණාත්මකභාවය සහතික කිරීම පිළිබද අවධානයක් සහිතව සාධාරණ හා වැඩි ප‍්‍රවේශය සහිතව සපයනු ලබන ගුණාත්මක තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපනය, පුහුණුව, උසස් අධ්‍යාපන අවස්ථා සහ පර්යේෂණ මෙයට අයත් වේ. නම්‍යශීලී අධ්‍යාපන ක‍්‍රම, පිළිගැනීම, වලංගුභාවය හා නොවිධිමත් හා අවිධිමත් අධ්‍යාපනයෙන් ලද දැනුම, කුසලතා හා නිපුණතා සහතික කිරීම වැදගත් ය. එසේම, සියලූ තරුණයන්ට හා වැඩිහිටියන්ටත්, විශේෂයෙන් ම ගැහැනු දරුවන්ට හා කාන්තාවන්ටත් අදාළ හා ප‍්‍රයෝජනවත් සාක්ෂරතාවක්, ගණිත හැකියා මට්ටමක් හා ජීවන කුසලතා ලබා ගැනීමට සහ ඔවුන්ට වැඩිහිටි ඉගෙනීම, අධ්‍යාපනය හා පුහුණු අවස්ථා ලබා ගැනීමටත් හැකියාව තහවුරු කරන්නට ඇප කැප වන්නෙමු. තවද, විද්‍යාව, තාක්ෂණය හා නව නිර්මානශීලිත්වය දිරි ගැන්වීමට ද අපි ඇප කැප වන්නෙමු. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයන් ඔස්සේ අධ්‍යාපන පද්ධති ශක්තිමත් කළ යුතු අතර දැනුම බෙදා හැරීම, තොරතුරු වෙත ප‍්‍රවේශය, ගුණාත්මක හා කාර්යක්ෂම ඉගෙනීම සහ වඩා කාර්යක්ෂම සේවා සම්පාදනය සදහා එය යොදා ගත යුතු ය. 

11. තවදුරටත්, අප විසින් බැ?රුම් අවධානයකින් යුක්තව සටහන් කරන දෙයක් වන්නේ ලෝකයේ පාසල්වලින් බැහැර කරන ලද ජනගහණයෙන් වැඩි ප‍්‍රතිශතයක් ජීවත් වන්නේ ගැටුම් හේතුවෙන් පීඩාවට පත් වී තිබෙන ප‍්‍රදේශවල බවයි. එම අර්බුද, ප‍්‍රචණ්ඩ ක‍්‍රියා, අධ්‍යාපන ආයතනවලට පහරදීම, ස්වාභාවික විපත් හා වසංගත ලොව පුරා අධ්‍යාපනයට හා සංවර්ධනයට බාධාකාරී වී තිබේ. මෙම සංදර්භයන් තුළ, ළමයින්, තරුණයන් හා වැඩිහිටියන්ගේ අවශ්‍යතා සපිරෙන පරිදි අභ්‍යන්තරව අවතැන් වූවන් හා සරණාගතයන් ද ඇතුළුව සියලූ දෙනා වඩාත් ඇතුළත් කර ගන්නාසුළු, ප‍්‍රතිචාරාත්මක හා දරාගත හැකි අධ්‍යාපන පද්ධති සංවර්ධනය කිරීම වෙනුවෙන් අපි ඇප, කැප වන්නෙමු. අධ්‍යාපනය ප‍්‍රචණ්ඩත්වයෙන් තොර, ආරක්ෂිත, උපකාරශීලී හා ආරක්ෂිත ඉගෙනුම් වාතාවරණයන් තුළ ලබා දීමේ අවශ්‍යතාව ද අපි අවධාරණය කරන්නෙමු. අර්බුද සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් ප‍්‍රතිචාර දැක්වීමක් අපි නිර්දේශ කරන්නෙමු. එයට හදිසි ප‍්‍රතිචාරවල සිට බේරා ගැනීම හා නැවත ගොඩනැගීම, වඩා හොඳින් සම්බන්ධීකරණය කරන ලද ජාතික, කලාපීය හා ගෝලීය ප‍්‍රතිචාර, අවදානම් අවම කිරීමේ හා වැළැක්වීමේ විස්තීර්ණ ක‍්‍රියාමාර්ග ඇතුළත් වේ. එමගින් බලාපොරොත්තු වන්නේ ගැටුම්, හදිසි තත්වයන්, පශ්චාත් ගැටුම් තත්වයන් හා යථා තත්වයට පත් වීමේ මුල් වකවානුව තුළ පවා අධ්‍යාපනය පවත්වාගෙන යාමයි. 

අපගේ පොදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම

12. මෙම න්‍යාය පත‍්‍රය සාර්ථකව ක‍්‍රියාත්මක කිරීමේ මූලික වගකීම තිබෙන්නේ රජයන්ට බව අපි නැවත තහවුරු කරන්නෙමු. වගවීම හා විනිවිදභාවය මෙන් ම සෑම මට්ටමකදී හා විවිධ අංශ අතර සහභාගිත්ව පාලනය හා සම්බන්ධීකරණය කරන ලද හවුල්කාරිත්වය සදහාත් සියලූ පාර්ශ්වකරුවන්ගේ සහභාගි වීමේ අයිතිය දිරිගැන්වීම සඳහාත් අවශ්‍ය නීති හා ප‍්‍රතිපත්තිමය වැඩ රාමු ස්ථාපිත කරන්නට ද, අපි අධිෂ්ඨාන කර ගනිමු. 

13. රටවල්, කලාපීය අංශ, යාන්ත‍්‍රණයන්ගේ හා මූලෝපායන්ගේ මට්ටමේ වැඩරාමුව තුළදී දත්ත එක්රැුස් කිරීම, විශ්ලේෂණය හා වාර්තා කිරීම මත පදනම්ව, අධ්‍යාපන න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමේදී, සහයෝගය, සම්බන්ධීකරණය, අන්‍යොන්‍ය උපකාරිත්වය හා නිරීක්ෂණය සම්බන්ධයෙන් ශක්තිමත් ගෝලීය හා කලාපීය සහයෝගිතාවක් අපේක්ෂා කරමු. 

14. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රයේ සාර්ථකත්වය සඳහා මනා ප‍්‍රතිපත්තිවල හා සැලසුම්කරණයේ අවශ්‍යතාව ද ඒවා සාර්ථක අන්දමින් ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව ද අපි හඳුනා ගන්නෙමු. යෝජිත සිව්වන ධරණීය සංවර්ධන ඉලක්කයේ අන්තර්ගත අභිලාෂයන් කැපී පෙනෙන හා හොඳින් ඉලක්ක කරන ලද මුල්‍ය දායකත්වයේ වැඩි කිරීමක් නොමැතිව සාක්ෂාත් කර ගත නො හැකි බව ද පැහැදිලි ය. සෑම මට්ටමක ම ගුණාත්මක අධ්‍යාපනයක් සාක්ෂාත් කර ගැනීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීම පැත්තෙන් බොහෝ පසුපසින් සිටින රටවලට මෙම කරුණ විශේෂයෙන් අදාළ ය. එබැවින්, රටේ සංදර්භය අනුව අධ්‍යාපනය සඳහා පොදු අරමුදල් වැඩි කිරීම සදහා අපි අධිෂ්ඨාන කර ගනිමු. එහිදී ජාත්‍යන්තර හා කලාපීය ප‍්‍රමිති මට්ටම් වන දළ දේශීය නිෂ්පාදනයෙන් අඩු තරමින් 4 – 6% අතර හා / හෝ සමස්ත පොදු වියදම්වලින් 15 – 20% අතර අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කිරීම සඳහා බැඳී සිටීම ද අවධාරණය කරමු.

15. රාජ්‍ය ආයෝජනයන් ප‍්‍රයෝජනවත් ලෙස කිරීමේදී අධ්‍යාපන සම්බන්ධීකරණයේ වැදගත්කම සඳහන් කරමින් අපි දියුණු රාජ්‍යවලට, සම්ප‍්‍රදායික හා අලූත් දානපතියන්ට, මධ්‍යම මට්ටමේ ආදායම් ඇති රටවලට හා ජාත්‍යන්තර මුල්‍ය යාන්ත‍්‍රණයන්ට අධ්‍යාපනය සදහා අරමුදල් වැඩි කිරීමට හා රටවල අවශ්‍යතා හා ප‍්‍රමුඛතා අනුව සකසන ලද න්‍යාය පත‍්‍ර ක‍්‍රියාත්මක කිරීමට උපකාර කිරීමට ආරාධනා කරමු. නිල සංවර්ධන සහයෝගය සදහා වන කැපවීම සම්පූර්ණ කිරීම ඉතා වැදගත් බව අපි හඳුනා ගන්නෙමු. සංවර්ධනය වෙමින් පවතින රටවල නිල සංවර්ධන සහයෝගය සදහා සංවර්ධිත රටවල් සිය දළ ජාතික නිෂ්පාදනයෙන් 0.7%ක් වෙන් කිරීමේ ඉලක්කය සාක්ෂාත් කර ගැනීම ද එයට අන්තර්ගත වේ. තම ඇප කැප වීම අනුව, තවමත් එසේ කර නොමැති සංවර්ධිත රටවල්වලට එම ඉලක්කය සාධනය කර ගන්නැයි අපි ඉල්ලා සිටින්නෙමු. අවම සංවර්ධිත රටවලට සහයෝගය වැඩි කරන්නට ද අපි ඇප කැප වෙමු. අධ්‍යාපනයට ඇති හිමිකම වෙනුවෙන් සියලූ ලබා දිය හැකි සම්පත් මුදාහැරීමේ වැදගත්කම ද අපි හඳුනා ගන්නෙමු. වඩා හොඳ සම්බන්ධීකරණය හා සුසංයෝගය ඔස්සේ , මුල්‍ය ප‍්‍රමුඛතා මැනැවින් සැකසීම, නොතකා හරින ලද උප අංශවලට හා පහළ ආදායම් සහිත රටවලට උපකාර කිරීම ඔස්සේ ආධාරවල ඵලදායිතාව වැඩි කිරීම ද අපි නිර්දේශ කරන්නෙමු. මානුෂීය හා දිග්ගැසුණු අර්බුද පවතින ස්ථානවලට සහයෝගය වැඩි කරන ලෙස ද අපි නිර්දේශ කරන්නෙමු. 2015 ජුලි මස ඔස්ලෝහි පැවති සංවර්ධනය සදහා අධ්‍යාපනය සමුළුව අගය කරන අපි යෝජිත සිව්වන ධරණීය සංවර්ධන ඉලක්කයට ආධාර කිරීම සදහා අඩිස් අබාබාහි සංවර්ධනය සදහා මුල්‍ය පහසුකම් සැපයීමේ සමුළුව කැදවන්නෙමු. 

16. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා තමන්ට අදාළ නිල වරම, සාපේක්ෂ දියුණුව හා සහයෝගය ලබා දීමේ හැකියාව මත තාක්ෂණික දායකත්වය, ජාතික ධාරිතා සංවර්ධනය හා මුල්‍ය සහයෝගය මගින් වෙන වෙන ම හා සාමූහිකව රටවලට සහාය වන ලෙස 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන්ටත්, විශේෂයෙන් ම යුනෙස්කෝ සංවිධානයටත්, අන් සියලූ පාර්ශ්වකරුවන්ටත් සාමූහිකව උපකාර කරන ලෙස අපි ඉල්ලා සිටිමු. මේ වෙනුවෙන් යෝග්‍ය ගෝලීය සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයක් සැකසීම සදහා සිය සාමාජික රටවල උපදෙස් මත යුනෙස්කෝ සංවිධානය, 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන් හා වෙනත් පාර්ශ්වකරුවන් කටයුතු කරනු ඇතැයි අපි විශ්වාසය තබන්නෙමු. රටවල අවශ්‍යතා හා ප‍්‍රමුඛතාවන් අනුව සකසන ලද න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපනය වෙනුවෙන් ආධාර කරන බහු පාර්ශ්වකාර මුල්‍ය වේදිකාවක් ලෙස අධ්‍යාපනය වෙනුවෙන් ගෝලීය හවුල්කාරිත්වය හදුනාගනිමු. ඒ සමගම, එය මෙම අනාගත ගෝලීය සම්බන්ධීකරණ යාන්ත‍්‍රණයේ කොටසක් විය යුතු බව ද අපි නිර්දේශ කරමු. 

17. 2030 අධ්‍යාපන න්‍යාය පත‍්‍රය සම්බන්ධීකරණය කරමින් එයට නායකත්වය දෙන යුනෙස්කෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනය සදහා විශේෂිත නියෝජිතායතනය ලෙස සිය භූමිකාව ඉදිරියට කරගෙන යනු ඇතැයි අපි විශ්වාසය තබන්නෙමු. එය කළ හැක්කේ විශේෂයෙන් ම, දේශපාලන ඇපකැපවීම ස්ථාවර කරන බලපෑම පවත්වාගෙන යාමෙන්, ප‍්‍රතිපත්ති සංවාදය සඳහා පහසුකම් සැපයීමෙන්, දැනුම බෙදා හදා ගැනීමෙන්, ප‍්‍රමිති සැකසීමෙන්, අධ්‍යාපන ඉලක්ක සදහා වූ ප‍්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන්, න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා මග පෙන්වීම පිණිස ගෝලීය, කලාපීය හා ජාතික පාර්ශ්වකරුවන්ගේ රැුස්වීම් කැඳවීමෙන් සහ සමස්ත ධරණීය සංවර්ධන ඉලක්ක නිර්මිතිය තුළ අධ්‍යාපනය සඳහා මූලික අවධානය යොමු කරන ස්ථානය ලෙස ක‍්‍රියාත්මක වීමෙනි. 

18. ප‍්‍රතිපත්ති සම්පාදනය සහ අධ්‍යාපන පද්ධති කළමනාකරණයට මෙන් ම වගවීම සහතික කිරීම ද උදෙසා හොඳ සාක්ෂි ජනනය කරනු පිණිස විස්තීර්ණ ජාතික නිරීක්ෂණ හා තක්සේරු පද්ධතියක් සංවර්ධනය කිරීමට අපි අධිෂ්ඨාන කරමු. රටවල් මට්ටමෙන් දත්ත එක්රැුස් කිරීමේදී, විශ්ලේෂණයෙහිදී හා වාර්තා කිරීමේදී ධාරිතා සංවර්ධනය කිරීම සදහා උපකාර කරන ලෙස 2015 ලෝක අධ්‍යාපන සංසදයේ සම කැඳවුම්කරුවන්ගෙන් හා හවුල්කරුවන්ගෙන් වැඩි අපි දුරටත් ඉල්ලා සිටිමු. 

19. අධ්‍යාපන 2030 වැඩරාමුවෙහි ක‍්‍රියාවට නැගිය යුතු අත්‍යවශ්‍ය අංග පිළිබඳව අප සාකච්ඡුා කර එක`ග වී ඇත්තෙමු. 2015න් පසු සංවර්ධන සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමේ එක්සත් ජාතීන්ගේ සමුළුව (2015 සැප්තැම්බර්, නිව් යෝක්) හා සංවර්ධනය සඳහා මුල්‍ය පහසුකම් සැපයීමේ තුන්වන ජාත්‍යන්තර සම්මේලනය (2015 ජුලි, අඩිස් අබාබා) සැලකිල්ලට ගනිමින්, 2015 නොවැම්බර් පැවැත්වෙන යුනෙස්කෝ සංවිධානයේ මහා සභාව හා සමගාමීව පැවැත්වෙන විශේෂ ඉහළ පෙළේ රැුස්වීමේදී දියත් කර වලංගු කර ගැනීම සඳහා අවසන් පිටපතක් ඉදිරිපත් කරනු ඇත. එය වලංගු කිරීමෙන් අනතුරුව, එය ක‍්‍රියාත්මක කිරීම සඳහා අපි පූර්ණව ඇප කැප වෙමු. එසේම, අපගේ න්‍යාය පත‍්‍රය සාක්ෂාත් කර ගැනීම තහවුරු කර ගැනීම සඳහා රටවල් හා පාර්ශ්වකරුවන් දිරි ගැන්වීමට හා මග පෙන්වීමට ද පූර්ණව ඇප කැප වෙමු. 

20. ජොම්ටියන් හා ඩකාර් උරුමය අනුව යමින් මෙම ඉන්චොන් ප‍්‍රකාශනය අධ්‍යාපනය පිළිබඳ නව දැක්මක් ඔස්සේ නිර්භීත හා නව නිර්මාණාත්මක ක‍්‍රියාමාර්ග ඔස්සේ, 2030 වන විට අපගේ උන්නතිකාමී අරමුණ කරා ළඟා වීම පිණිස ජීවිත පරිවර්තනය කිරීමෙහිලා අප සියලූ දෙනාගේ ඓතිහාසික කැපවීමක් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *