Bathroom

ආතල් ඉන්ද ගූ ජංගල්………

චන්දන වින්දන

ඔස්ට්‍රේලියාවෙ සිඩ්නිවලින් ගොඩ බැහැල ගෑණියි, මමයි දවස් හතරක් හිටියේ සුජීව මුදලිගේගෙ දැඩි සත්කාර ඒකකයෙ. සත්කාරය කොච්චර දැඩිද කිව්වොත් ඇදිරි වැටෙන කොට දෙන්නත් එක්ක කඩන විස්කි ලීටරේ මධ්‍යම රාත්‍රිය වෙද්දි වාෂ්ප වෙනව. තවත් සතියක් හමාරක් එහෙ හිටිය නම් සුජීව මුදලිගේ නෙමෙයි නවලෝක මුදලාලි වුනත් නට්ටං වෙනව, ඌට ඒතරම්ම වියදං.

ඔන්න එක දවසක් මහ පාන්දරින් සෙට් වෙලා කැන්බරා ගියා . දවල් වෙද්දි රෙස්ටුරන්ට් එකකට ඇදගෙන ගියා. ‘කාපිය මේව තමයි ෂුෂී ද’ මොකක්කද කීව. රවුමට ඔතපු මොනවද මේසෙ උඩ. චර බර ගාල අබරල දැම්ම. මෙන්න මූ කියපි ඔය තමයි අමු මාළු කියල. ඒ කියපු වෙලාවෙ ඉඳල බඩ නිකන් උඩට යටට පෙරලෙන්න ගත්ත.

හොයගෙන ගියා ටොයිලට්ටුවක්. අප්පට බොල බිම උනත් බත් දාගෙන කතහැකි. ඒත් මොන රෙද්දකට ද පස්ස හොදන්න දිය බිඳක් නැතිව?

ටොයිලයි පේපර් වලින් කොච්චර පිහ දැම්මත් නිකන් පුක අමුයි, අමුයි වගේ දැනෙනනව. හොයාගත්ත අළුත් ක්‍රමයක්. ගත්ත ටොයිලට් පේපර් රෝලෙන් බාගයක් විතර, වතුර එකක පොගවගෙන වැඩේට බැස්ස. ඔන්න තව දවසක් එක්ක ගියා මහා තඩි කොෆි ෂොප් එකකට. 

‘බීපිය, මෙව්ව තමයි ලෝකේ හොදම කෝපි’ ඌ කිව්ව.

අප්පට සිරි පට්ටම රසයි. කෝපි එකක් ගහපුවම පාන් තුන්කාලක් කෑව වගේ බඩත් පිරිල. 
පහුවෙනිද උදේ ටොයිලට් එකට රිංගුව . කෝපි එකේ රස ආයිත් උගුරට ආව. විස්වාස කරපන් ඇස්වලින් ගලා හැළුනු කඳුලු වැල් කම්මුල් දිගේ රූටල ඇවිත් කළව දෙක උඩට සටසට ගාල වැටුන. 

කිරි එරෙන්නත් අඬන්න ඕනැ කියල අහල තිබුනට රෙන්ඩත් අඬන්න ඕනැ කියල හිතුනෙ එදා.
ඔස්ට්‍රෙලියාවෙ පට්ට සැප ටොයිලට් වල බිඩේ ෂවර් තිබුන නම් කියල හිතුනට පුංචිම දවස්වල අපේ ගෙදර ටොයිලට් එක මතක් වෙද්දි තවමත් ඇඟ සීතල වෙනව.

ගෙට මීටර් එකසිය පනහක් විතර පල්ලෙහා වෙල අයිනෙ ළිඳ. ගෙට උඩින් පොඩි කන්දක් නැගල මීටර දෙසීයක් ගියහම වැසිකිළිය. හරියටම බැලුවොත් ළිඳට ගිහිල්ල වතුර බාල්දිය අරගෙන කක්කුස්සියට ගිහින් ආපහු ගෙට ගොඩ වෙද්දි මීටර තුන්හාරසියයක් ඇවිදල. අද කාලෙනම් පොඩි උන්ට රෙන්ඩ බරක් හැදුනොත් ත්‍රිවීලර් එකක් හයර් කරන්න වෙනවා. මොකද උන්ට අඩි දහයක් පයින් යන්න බැහැනෙ.

කොහොම හරි ඒ වැසිකිළි සිද්ධියම බලපාන්න ඇති පසුකාලීනව අපට ඉවසීම හුරුවෙන්න. කාලයක් තිබුන බාල්දියෙ යට රිවට් එකක් ගහපු තැනකින් පොඩි ලීක් එකක්. ළිඳට ගිහිල්ල වතුර බාල්දිය අරගෙන කක්කුස්සියට යද්දි බාගයක් ලීක්. ඉක්මනට වැඩේ ඉවර කරගත්තෙ නැත්නම් සරම බාගෙට උස්සගෙන ආයිත් පලකො ළිඳ ලගට. මහ රෑ වැස්ස වෙලාවක වැඩේ සෙට් උනොත් නම් නන්නත්තාරයි. ඒ කාලෙ අපේ ගෙවල්වල කොහෙද ලයිට්. එක අතනික් කුප්පි ලාම්පුවයි, අනික් අතින් බාල්දියයි , කුඩෙයි අරගෙන ඔය යන ගමන ගැන හිතහන්කො.

ඔන්න එක අනෝරා වැහි දවසක මට එකක් සෙට්වුනා. ළිඳ ළඟට යන්න කම්මැලියි. හැලුව කළගෙඩියෙ වතුර එක බාල්දියට. බාල්දියට මදි වගේ. පුරව ගත්ත එතනම තිබුන කොරහෙන් ඉතිරි ටික. ගියා කරුවලේම කක්කුස්සියට. වැඩේ කොරල හෝදගෙන ගෙට ගොඩවුනා. එළිවෙනකම්ම පුක උඩ තියාගෙන හූ කිව්ව. කොරහෙ තිබිල තියෙන්නෙ පිඟන් හෝදපු වතුර.

කරුවල වැටුනම සෙට් වෙන අපේ බෝසත් ළමා සමාජෙ උන්ගෙන් එකෙක් පටන් ගත්තොත් ගූ කතාවක් ඒක බීමත් එපාවෙන තරමට අප්‍රසන්න කරලයි ඉවර කරන්නෙ. ඒත් සෙල්ලං සිරිපාලය එක් දවසක් කියපු කතාව නම් අමතක වෙන්නෙම නැති එකක්. (ඌට සෙල්ලං සිරිපාල කිවුවෙ හැම සෙල්ලමටම දස්සයා හින්ද.)

“ඔන්න එක දවසක් මම හන්දියට එනව ගෙවල් පැත්තෙ ඉඳන් . මගදි සෙට් වුනා රියල් බඩේ අමාරුවක්. පැන්න එතනම දං කැලේට. හෝදගන්න එන්න ඕනැ පාලම යටට. කෙළියනෙ තාප්පෙට. පාලම ලඟට එද්දිම අපේ ගෙවල් පැත්තෙ ගෑනු සෙට් එකක් පාලම උඩ.”

“ඉතින්?”

“ඉතින් කියන්නෙ මම ටග් ගාල සරම කඩල මූණ වහගත්ත. ඒත් ගෑණු ඔක්කොම මාව අදුරගත්තනෙ.”

“ඒ කොහොමද?”
“ඇයි බං යට කෑල්ලෙන්.”

චන්දන ගුණසිංහ විසිනි

Call 077 1734470 for Sinhala Tamil English Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *