දෙදියගල ආරණ්‍ය සේනාසනය

දෙදියගල ආරණ්‍ය සේනාසනය පිහිටා තිබෙන්නේ අකුරැස්සේ සිට කිලෝමීටර් 8ක් දුරින් පිහිටි කැටැන්විල හන්දියෙන් බංගම පාරේ කිලෝමීටර් 5ක් පමණ බංගමත් පසු කර ගොස් වමට හැරී දුෂ්කර පාරක කිලෝමීටර් තුනක් ගිය විට සුන්දර වනාන්තරයක පිහිටි දෙදියගල ආරණ්‍ය සේනාසනයට යා හැකියි. 

Sinhala Tamil English Translations and Content Writing

යන මග දිගට ම දිගිලි දොල හමුවෙනවා. එහි නාන්නට සුදුසු තැන් බොහොමයි. ආරණ්‍ය සේනාසනය අසල තොටමුණ වෙන් කර තිබෙන්නේ දානමානාදියට පැමිණෙන බැතිමතුන්ට පමණයි. පළිඟු වැනි පිරිසිදු සීත දියේ ඔබේ ගත සතපන විට දැනෙන මිහිර විස්තර කරන්නට අමාරුයි.

ආරණ්‍ය සේනාසනයේ අප යන විට භික්ෂූන් හයදෙනෙකු භාවනානුයෝගීව වැඩසිටියා. එය ඉතා සන්සුන් පුදසුනක්. කුරුළු කූජනත්, සුළං හමන හා දොල ගලාබසින හඬත් හැර අන් කිසිදු හඬක් නැහැ. 

දිගිලි දොල අකුරැස්ස ලද්දුව හරියෙන් නිල්වලා ගඟට ගලා බසිනවා. දොල පහළ හරියේ කිඹුලන් ගැවසෙන බව කීවත්, දෙදියගල පැත්ත සුරක්ෂිතයි. බොහෝ අය එහි නාන්නට යනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *