Indrani Bogoda

මං දන්නා කුමාරයෙක් වක්කඩ ළඟ ඉන්නා

හැන්දෑවට මංකඩවල් ළඟ කළු කුමාරයා නම් යක්ෂයකු සිටින බවට ද විශ්වාසයක් ගම්වල ඇත. කළු කුමාරයා බැල්ම හෙළන්නේ තරුණ කාන්තාවන්ට ය. තරුණ කාන්තාවන් කළු කුමාර දිෂ්ටියට බය වී තොවිල් කරන්නට සිදු වන අවස්ථා ද ඇත. 

Sinhala Tamil English Translations and Content Writing

ගැමි සමාජයක යොවුන් ප්‍රේමයක් වචනයෙන් සිත්තම් වුණු අපූරු ගීතයකි, මේ.

මේ ගීයේ ඉන්නා කුමාරයා නම් ඇය දන්නා කෙනෙකි. ඔහු යම් දිනෙක ඇය ඒදණ්ඩෙන් එගොඩ කර ද තිබේ. හැන්දෑවේ වැඩ හමාර කර මංකඩට විත් දියබුං ගසා නාන ඔහුගේ සේයාව අඳුරේ ඇයට යන්තමින් පෙනෙයි. 

ඔහු ගැන සෙවිල්ලෙන් පංගොල්ල අසල සිටින ඇයට ඔහුගේ රුව නො පෙනී යද්දී ඔහුගේ සීපද රාවයෙන් දැනෙන්නේ සතුටකි. ඇය අවට පරිසරයේ හැම දෙයක් ම ඇයට ඉතා සුන්දර ලෙස පෙනේ. කුරුල්ලන්, හීන් හුළඟ, සැන්දෑ අහස, පොද වැස්ස වැනි හැම දෙයක් ම දනවන්නේ සතුට ය.  

මංකඩ ළඟ හැන්දෑවේ දියබුං හඬ නගනා
දන්ගොල්ලේ  පන් කොටුවට යාන්තමින් පෙනෙනා
බිම් කලුවේ හෙවනැල්ලට හීන් සැරේ මැකෙනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා

තුං තුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
රණ්ඩු වේවි මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
හීන් හුළඟ මා තනිකොට කන්දට දිව යන්නා
ගං ඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා 

රන් පාටින් ආකාසේ මගෙ සිතුවිලි අඳිනා
හීන් හිනා පොද වැස්සේ මගේ ලොවම තෙමනා
යාන් අැලේ ඒ දණ්ඩෙන් මා එගොඩට කරනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ළඟ උන්නා 

ගායනය:  ඉන්ද්‍රානි බෝගොඩ
පද රචනය:  කරුණාදාස සුරියආරච්චි
සංගීතය:  චන්ද්‍රදාස බෝගොඩ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *