මුද්දරේට ගිය මහනුවර තැපැල් කන්තෝරුව
පසුගිය ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රු. 15 මුද්දරයේ දැක්වුණේ මහනුවර බොහෝ දෙනෙකු දන්නා හඳුනන ස්ථානයක රූපයයි. ඒ තමයි මහනුවර තැපැල් කාර්යාලය.
මේ ඓතිහාසික ගොඩනැගිල්ල ඉංග්‍රීසීන් විසින් ඉදිකරනු ලැබුවේ 1867දී යයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රකාශනයක දැක්වෙනවා.
මුලින් මෙය රේල්වේ හෝටලයයි. දුම්රියෙන් පැමිණෙන මගීන්ට නවාතැන් ගත හැකි ලෙස දුම්රිය ස්ථානය අසල ම එය පිහිටුවා තිබුණා. වර්තමාන තැපැල් කාර්යාලයේ ලියුම් කාමරය අතීතයේ බෝල්රූම් නැටුම් ශාලාවක් ලෙස භාවිතා කර තිබෙනවා. හෝටලයට පෙර මෙම ස්ථානයේ තිබුණේ කෝපි මෝලක්.
රජයට පවරා ගැනීමෙන් පසුව 1902 සිට එය මහනුවර තැපැල් කාර්යාලය ලෙස භාවිතා වෙනවා.
2005දී එය පුරාවිද්‍යාත්මකව සංරක්ෂිත ස්මාරක ගොඩනැගිල්ලක් ලෙස ගැසට් මගින් ප්‍රසිද්ධ කරනු ලැබුවා.
![](http://praja.lk/wp-content/uploads/2019/01/Kandy-Post-Office.jpg)
www.panoramio.com