විඩාපත් මං වගේ – මල් බිසෝ වැන්නී – යුග දෙකක ගී දෙකක අසිරිය
ඊශා කප්පරගේ
යුග දෙකක නිර්මාණය වුණ මේ ගී දෙකේ අපූරු සමානත්වයක් තිබෙනවා කියා මට හිතෙනවා. ඒක පෞද්ගලික රුචිකත්වයක් විතරක් වෙන්නත් පුළුවන්. ඔබ ඒ ගැන සිතන්නේ කුමක්ද කියා දැනගන්නට කැමතියි.
පළමු ගීය සී.ටී. ප්‍රනාන්දු ගැයූ තරමක් පැරණි ගීයක්.
දෙවන ගීය රූනි ගයන සමනල සංධ්වනිය චිත්‍රපටයේ මෙම ගීතයයි.
ඒ සමානත්වය මූලිකව ම තිබෙන්නේ තනුවේ, සංගීතයේ හා ගායනයේයි. පද මාලාවන්ගේත් යම් සමානත්වයක් නැත්තෙ නැහැ. හැබැයි, මූලික ම සමානත්වය තියෙන්නේ ගී දෙකෙන් මවන රසයේ කියායි මට හිතෙන්නේ. හැබැයි මේ යුග දෙකක ගී දෙකක්. සමනල සංධ්වනියේ ගීයට සී.ටී. ප්‍රනාන්දුගේ ගීයෙන් ආභාසයක් ලැබෙන්නට නැතුව ඇති පැහැදිලිවම.
මුල් ගීයේ පද මෙසේයි:
සුනිල වරලස මුදන්නී
දෙවන ගීයේ පද මෙසේයි:
ගගන සරන්නට කියා
සිඳුණු අත්තටු හඬයි
දිරාපත් කොළ තිබේ
විඩාපත් මං වගේ //
කදෝ කිමි රුපු වගේ
රැයට ඉඩ දී යමී
කල් කුසුම් ගෙනෙනා
සුවඳ සුළඟක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ///
සමනලුන් යන මගේ
සිහින විසිරී ගියේ
බිඳුණු සිත්ගෙනෙනා
මිහිරි ගීයක් වී එමී
ඒ වුණත් සුහදේ
විඩාපත් මං වගේ ///
පද රචනය: ජයන්ත චන්ද්‍රසිරි
සංගීතය: දර්ශන රුවන් දිසානායක
ගායනය: ඉන්දික රුවන්