somathilaka jayamaha
Art

ලොව්තුරු සුවය නිම් නැති සුවය වුණ හැටි

සෝමතිලක ජයමහ රචනා කර ගායනා කර ‘පොඩි දුවගේ සිනා වැලයි’ ගීතය ගුවන් විදුලියෙන් විකාශය සඳහා තත්ව පරීක්ෂණය සඳහා ගුවන් විදුලි සංස්ථාවට භාරදුන්නාම එහි මෙහෙම කොටසක් තිබුණා.

ලබන නොයෙක් දුක් පීඩා
කූඩු වුණත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට ලොව්තුරු සුවය දැනේ

ඒ තත්ව පරීක්ෂණ මණ්ඩලය නිගමනය කළා පෘථග්ජන පුද්ගලයකු වන කථකට ලොව්තුරු සුවය දැනෙන්නට විදියක් නැහැ, ඒ නිසා ඒක වෙනස් කළ යුතුයි කියලා.

ලෝකෝත්තර, නැතිනම් ලොව්තුරු යන වචනය ලෝකයෙන් එතෙර වූ යන අරුතෙන් බුදුන් වෙනුවෙනුත් යෙදෙනවා

ඒ අනුව, දැන් ගීතයේ තිබෙන්නේ මෙහෙමයි:

ලබන නොයෙක් දුක් පීඩා
කූඩු වුණත් පුංචි පැලේ
අඹු දරුවන් අතරතුරේ
මට නිම් නැති සුවය දැනේ

හැබැයි ඒ ගීතයේම ‘මගේ නිවන මගේ පැල්පතයි’ කියා තිබෙනවා. ඒක වෙනස් කළේ නැහැ.

ප්‍රායෝගික ලෝකයෙදි ආගමික සංකල්ප අර්ථ නිරූපණය කිරීම සිදුවන්නෙ ඔන්න ඔය විදියට.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *