Life

ගුවන් යානයක එල්ලී පළා යන්නට පුළුවන්ද?

කෙසේ වෙතත්, මෙවැනි ගුවන් ගමන් සාර්ථකව නිමා කළ අය ද කලාතුරකින් ඉන්නවා. 2014 වර්ෂයේදී 15 හැවිරිදි යහියා අබ්දි කැලිෆෝනියාවේ සිට හවායි දක්වා පියාසර කරන ගුවන් යානයක රෝද රඳවන ස්ථානයේ සැඟවී පැය පහක් පණ බේරාගෙන ගමන් කරනවා. ඔහු එතැනින් පහළට පැමිණ ධාවන පථයේ ඇවිදින ආකාරය ආරක්ෂක කැමරාවල සටහන් වෙනවා.

1 Minute
Politics

යුද්ධ කාලෙත් ආර්ථිකයට ප්‍රමුඛතාව දුන්නද?

වැඩ කළත්, නොකළත්, ගෙදර හිටියත්, තමන්ගෙ වැටුප ලැබෙන රජයේ සේවකයන් වැනි අයට ආර්ථිකය අතහරින්නට යයි සරලව කියන්නට පුළුවන්. ඒත්, ආර්ථිකය අක්‍රිය වෙනකොට රජයේ සේවකයන්ට වැටුප් ගෙවීම පවා රජයට අසීරු වෙන්නට පුළුවන් බව ඔවුන් තේරුම් ගත යුතුයි.

0 Minute
Politics

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද?

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

1 Minute
Politics

සීමාවන් අවශ්‍යය. එහෙත්, සීමාවන්ට ද සීමාවක් අවශ්‍යය

වසංගතයට මුහුණදෙන්නට ඕනැ. ඒකත් එක්ක සටන් කරන්න ඕනැ. හැංගිලා බේරෙන්න බැහැ. වසංගතය එක්ක සටන් කරන්නට නම් ආර්ථිකය ඉතා වැදගත්. පොදුබව රැකගන්න අවශ්‍යයි. ඔබ ගෙදර සිටියත් ඔබට වැටුප ලැබෙනවා ඇති. ඔබ ගෙදර ඉන්න. එහෙම නැති මිනිසුනුත් මේ සමාජයේ ඉන්නවා. ඔවුන් රැකියා, ව්‍යාපාර කරන්නට ඕනැ. ඒ වගේම, රටක් විදියට අපට වගකීම් තිබෙනවා. ණය ගෙවන්නට ඕනැ. සුබසාධනය පවත්වාගෙන යන්නට ඕනැ. මේ ඔක්කොම කරන්න ආර්ථිකයක් පවතින්නට ඕනැ.

0 Minute
Health

ලොක්(කා)ඩවුන් හරියටම කරමු

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව

1 Minute
Security

එන්නත් වැඩ්ඩො හමුදාවද?

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.

0 Minute
Media

කීර්ති වර්ණකුලසූරිය වැරදිකරුවෙක්ද?

කීර්ති වර්ණකුලසූරියගේ මාධ්‍ය භාවිතාව අප ඇති තරම් විවේචනය කර තිබේ. යුද සමයේ සිංහල ජාතිවාදය හා යුදවාදය ඇවිලවීම සඳහා කටයුතු කළ ලියන්නකු වන කීර්ති කිසි සේත්ම බුද්ධිමතකු නොවේ. ඔහුගේ ඉංග්‍රීසි නොදැනුම නිසා ඔහු හාස්‍යයට ලක්විය. එවැනි අයකුට කීර්තිමත් සිංහල පුවත්පතක ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු වන්නට ලැබීම ලංකාවේ ජනමාධ්‍ය පද්ධතිය සම්බන්ධ ගැටලුවකි. ජනමාධ්‍ය සංවිධාන නායකයකු වන සුනන්ද දේශප්‍රිය ද එයට වගකිව යුතුය. ලංකාවේ ජනමාධ්‍ය සංවිධාන මාධ්‍ය සංවර්ධනය සම්බන්ධයෙන් මෙතක් සිදුකළ ව්‍යාපෘති සාර්ථකද? කීර්ති වර්ණකුලසූරියගේ චර්යාව මෙන්ම සුනන්ද දේශප්‍රියගේ මෙම සටහන ද ප්‍රශ්නකාරීය.

1 Minute
Politics

කොවිඩ් රෝගීන් පාර්ලිමේන්තුවේදී පවා අපකීර්තියට ලක්කිරීම

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

1 Minute
Education

කොතලාවල මිලිටරි විනය හා පාසල්වල වැඳීමේ සංස්කෘතිය

අජිත් පැරකුම් ජයසිංහ කොතලාවල විශ්වවිද්‍යාලය ගැන එල්ල වන ප්‍රධානතම විවේචන අතරින් එකක් වන්නේ උසස් අධ්‍යාපනය මිලිටරි විනයකට යටපත් කිරීමයි. හමුදාවල

0 Minute