විල්පත්තු (කාටුන්)
විල්පත්තුව විතරක් නෙමෙයි, රටේ සියලු කැළෑ ආරක්ෂා කරගන්නට ඕනැ. ඒක අවශ්‍ය රටේ වන ආවරණය නිසි මට්ටමෙන් නොතිබුණොත් එයින් පරිසරයට, දේශගුණයට දැවැන්ත බලපෑමක් සිදු වන නිසායි. ඒ වගේ ම ගහකොළ, සතුන්, කුරුල්ලන්, උරගයන්, කෘමීන් ආදීන් සමතුලිතව විහිදී ඉන්න ජෛව විවිධත්වය රැකගන්නට රටේ වන ආවරණය රැකගත යුතුයි.
හැබැයි, පරිසරයට ආදරය කිරීමේ මුවාවෙන් ජාතිවාදී ගැටුම් අවුළුවන්නට දරන උත්සාහය පැරදවිය යුතුයි.
රටේම පරිසරයට ආදරය කරන ගමන් ඔබේ පරිසරය ගැන වැඩිපුර සැලකිලිමත් වෙන්න.