නිෂ්ක්‍රාන්තියට මගහැරුණු වැඩිහිටි මනස
අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී
අජිත් පැරකුම් ජයසිංහ සුනේත්‍රා රාජකරුණානායකගේ නිෂ්ක්‍රාන්තිය නවකතාව ආරම්භයේදී එය මගේ අවධානය පැහැරගත්තේ එහි තිබුණු මනෝවිද්‍යාත්මක ප්‍රවේශය නිසාය. හදිසියේ මතකය ගිලිහී
ආරියවංශ අබේසේකරගේ ‘ආරාමදාස’ නවකතාව අව්‍යාජ ලිවීමකි. එහෙත්, එය නවකතාවක් ලෙස ගත් කල එතරම් කතා රසයක් නැති, පැතලි චරිත සහිත කතාවකි. මනරම් භාෂා භාවිතයක් මැද පවා කියවීම තරමක් ආයාසකර හා කම්මැලි උපදවන කාර්යයක් වුව ද එතරම් කියවන්නෙකු නොවන මම එය කියවූයෙමි. එයට හේතුව, එම කෘතියට පසුබිම් වන ඓතිහාසික පසුතලයේ ඇති වැදගත්කමයි.
ඇල්බොරාදා රූප කාව්‍යයකි. කවිය හා කතාව අතර එක් වෙනසක් නම්, කවියට කතාවක් කියන්නට උවමනාවක් නැතිකමයි. කවියේ කතාවක් තිබේ නම්, ඒ කතාව කවිය තුළින් පාදාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. කවියා රසිකයාගේ පරිකල්පනය සඳහා අවකාශ විවර කර තබයි. ඇල්බොරාදාහි ඇති හිස්තැන් සමුදාය ද එවැනිය. උදාහරණයක් ලෙස, සක්කිලි ගැහැණියගේ මනස ගැන අප දන්නේ ඇය දූෂණයට දක්වන ප්‍රතිරෝධය හා දූෂණයෙන් පසු මුහුදේ බැස පවිත්‍ර වන්නට දරන උත්සාහය පමණි. ඇය දැවැන්ත හිස් අවකාශයකි. එම හිස්තැන් පුරවාගෙන රසවිඳීම රසිකයාගේ වැඩකි. ඒ සඳහා සහෘද පරිකල්පනයක් අවශ්‍යය. කලා කෘතියක් යනු නිර්මාණකරුවාගේ චින්තනයේ නිම්වළලු තුළ රසිකයා සීමා නොකරන, රාමුගත නොකරන ලද විවෘත අවකාශයකි. ඇල්බොරාදා කැන්වසය, පාට හා පිනසල්ය. ඒවා තෝරාගෙන ඇත්තේ හඳගමට ඕනෑ පරිදිය. එහෙත්, එයින් ඔබ කැමති චිත්‍රය නිර්මාණය කරගැනීමට ඔබට නිදහස තිබේ. මිනිස් මනස වඩාත් අව්‍යාජ වන තැනක් වන ලිංගිකත්වය යනු කිසිදු දාර්ශනිකයකුට හෝ විද්‍යාඥයකුට හෝ විග්‍රහ කළ නොහැකි සංකීර්ණත්වයකි.
මචං චිත්‍රපටයේ කතාව ගොඩනගනු ලබන්නේ 2004 වසරේදී සිදු වූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙන ය. ආසියානු – ජර්මානු ක්‍රීඩා හුවමාරු වැඩසටහනක් ඔස්සේ පැවැත්වුණු මෙම තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් 16දෙනා හා ඔවුන්ගේ පුහුණුකරුවන් ලෙස පෙනී සිටි හත්දෙනා ඇතුළු මුළු පිරිසම එක් උදෑසනක දුවන්නට යන බව කියා පිටතට ගොස් පළාගියහ.
උදන් ප්‍රනාන්දුගේ A Covid Honeymoon කෙටි චිත්‍රපටය බැලීමෙන් පසු සිතට නැගුණ අදහසක් සටහන් කරන්නට සිතිණි. එයඉතා නිර්මාණාත්මක, සුන්දර චිත්‍රපටයකි. ඒ සුන්දරත්වයේ රහස සරලකමයි. පුංචි දේවල ඇති ලස්සනයි. සියුම් විස්තරවලට යොමුකළ අවධානයයි.
Thomas Hardyගේ කවියේ පරිවර්තනය අජිත් පැරකුම් ජයසිංහ. 2017දී මෙම කවිය මුලින් පළ කළේ W3Lanka බ්ලොග් අඩවියේය. එම අවස්ථාවේදී එය විශාල පිරිසක් විසින් බෙදාගන්නා ලදී.
නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං මඩින් හා දියෙන් බත් වෙලා ය. ප්ලාස්ටික් පුටු, ඡායාරූප, විසිතුරු බඩු පාවී ගොස් තැන තැන වැටිලා ය. බිත්තිය මත කර වටක් උසට කහට පැහැති දිය පැල්ලමකි.
රසවාදය ඔස්සේ නාට්‍යය විග්‍රහ කළොත් හඳගම නිර්මාණය කරන නාට්‍යයේ නාට්‍යමය දුර්වලකමක් පෙනෙනවා. නාට්‍යයේ ගැටුම පුපුරා යන අවස්ථාව තමයි මේ ලිංගික ජවනිකාව. එහි තිබෙන අභව්‍ය ස්වභාවය සමස්ත නාට්‍යයේම ගුණයට බලපානවා. එමගින් නිර්මාණය වෙන්නේ කෘත්‍රිම ශෝකාන්තයක්.
‘Hey Jude’ කියන්නේ ඉන්දියානු ශ්‍යාම්ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ මලයාලම් චිත්‍රපටියක්. එය සුවිශේෂ එකක්. චිත්‍රපටයේ තේමාව වන්නේ මානසික ආබාධයක් වන ඇස්පර්ජර් සහලක්ෂණය (Asperger’s syndrome) පිළිබඳවයි. මලයාලම් සිනමාව මෙවැනි මනෝවිද්‍යාත්මක කාරණා බෙහෙවින් ස්පර්ශ කරනවා.
පරිවර්තනය කරන්නේ පරිවර්තිත භාෂාවේ පාඨකයන් වෙනුවෙනි. එහෙයින් පරිවර්තනය එම පාඨකයාට තේරුම් ගැනීම පහසු විය යුතුය. එහෙත්, පරිවර්තනයක් දේශීයකරණය කිරීමෙහි සීමාවක් තිබේ. මුල් සංදර්භය සම්පූර්ණයෙන්ම වෙනස් වන පරිදි දේශීයකරණය කළ විට එය තවදුරටත් පරිවර්තනයක් නොව අනුවර්තනයකි.