Art

ප්‍රසන්න විතානගේගේ පැරඩයිස්: නොගැඹුරු දේශපාලනය හා ගැඹුරු ජීවිතය

කේශව් හා අම්රිතා එක්තරා ආකාරයකට ඉන්දියානු ආර්ථික හා සංස්කෘතික ආධිපත්‍යයේ ප්‍රකාශනයන් වේ. මෙය ප්‍රකාශ වන්නේ රාමායනයේ රාවණා මූලික කරගත් කතාව ඔස්සේය. ලංකාව රාමායන ට්‍රේලය ඉන්දීය සංචාරකයන්ට අලෙවි කරන්නේ මෙම මිථ්‍යා කතාව භාවිතා කරමිනි. එහෙත්, රාවණා යනු ඉන්දියාව විසින් පරාජය කළ චරිතයකි. ලාංකිකයන්ට ද රාවණා ගැන ඇත්තේ කෘත්‍රිම උනන්දුවකි. රාවණා ලංකාවේ සිංහල හෝ දෙමළ සංස්කෘතීන් තුළ එතරම් ගැඹුරින් මුල් බැසගත් සංකල්පයක් නොවේ.

1 Minute