Health

මං ඇඳිරි නීතිවලට විරුද්ධ ඇයි?

කොවිඩ්-19ට බයේ රටවල් වසාගෙන හැංගෙන එක එච්අයිවීවලට බයේ ලිංගික සංසර්ගය නවත්තන එක වගේ වැඩක්. කොවිඩ්-19 එක්කත් නව සාමාන්‍ය තත්වයක් තිබෙනවා. අපි ඒක හඳුනාගෙන එයට අනුගත වෙන්නට ඕනැ. වෙනත් විසඳුමක් නැහැ.

1 Minute
Politics

එන්නත නොදී ඝාතනය කළ වැඩිහිටියන්ගේ රුධිරය ඔබේ දෑත්වලත් තැවරී තිබේද?

ශ්‍රී ලංකාව ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමුඛතා පදනමින් එන්නත ලබාදුන්නේය. එහෙත්, එතැනින් එහාට සිදුවූයේ ඉතාම නින්දිත ක්‍රියාවලියකි. වයස අවුරුදු 30-60 අතර පුද්ගලයන්ට එන්නත ලබාදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් දක්නට ලැබිණි. එහෙත්, වයස අවුරුදු 60ට වැඩි දේශපාලකයින්ට ප්‍රමුඛ පදනමින් එන්නත ලැබිණි. දීර්ඝ පෝලිම්වල ගොස් එන්නත ලබාගත් අයට අමතරව ප්‍රමුඛතාව ලැබුණේ දේශපාලකයන්ගේ හිතවතුන්ට හා සෞඛ්‍ය නිලධාරීන්ගේ හිතවතුන්ටය. මේ පිළිබඳ වාර්තා කිරීම සඳහා වගකීමක් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ කට වැසීම සඳහා අල්ලසක් ලෙස ඔවුන්ට එන්නත ලබාදුන් බව මාධ්‍යවේදී බිඟුන් මේනක ගමගේ ෆේස්බුක්හි සඳහන් කර තිබිණි.

1 Minute
Politics

ලොක්(කා)ඩවුන් හරියටම කරමු

ආණ්ඩුව හා විශේෂයෙන්ම කොවිඩ්-19 සම්බන්ධයෙන් ප්‍රකාශකයකු වන හමුදාපතිවරයා කරන ප්‍රකාශ විශ්වාස කළ නොහැකිය. ලොක්ඩවුන් නොකරන බව මොවුන් ඔලුවෙන් හිටගෙන කීව

1 Minute
Health

එන්නත් වැඩ්ඩො හමුදාවද?

සෞඛ්‍ය කාර්ය මණ්ඩල එන්නත් දෙන තැන් හමුදාව එන්නත් දෙන තැන් කීපය එක්ක සන්සන්දනය කරන්න එපා. හමුදාවට හැම දෙයක්ම පිළිවෙලට කරන්නට අවශ්‍ය වැටුප් ලබන කාර්ය මණ්ඩල ඇතිතරම් ඉන්නවා. මතක තබාගන්න, හමුදාවට මේ කාලෙ වැඩ අවමයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල එහෙම නෙමෙයි. එන්නත්කරණයට අමතරව ඔවුන්ගේ සාමාන්‍ය රාජකාරිත් ඔවුන් පවත්වාගෙන යන්න ඕනැ.

0 Minute
Health

කොවිඩ් රෝගීන් පාර්ලිමේන්තුවේදී පවා අපකීර්තියට ලක්කිරීම

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

1 Minute
Health

ගුරුවරුන් කොරෝනා බෝකරනවාද?

මේ දිනවල දිවයින පුරා ගුරු උද්ඝෝෂණ පැවැත්වේ. මෙම උද්ඝෝෂණ මගින් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන බව ආණ්ඩුවේ හිතවත් පාර්ශ්ව විසින් විශේෂයෙන්ම

0 Minute
Health

ඇස්ට්‍රාසෙනකා ලක්ෂ 14.5ක් දිවයිනට! එන්නත්කරණය සාර්ථකව ඉදිරියට

ජපානයේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනකා එන්නත් ලක්ෂ 14.5ක් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය පියවර ගෙන තිබේ. එම එන්නත් හෙට අනිද්දාම ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතය. ඒ සමගම, ඇස්ට්‍රාසෙනකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන, දෙවෙනි මාත්‍රාව නොමැතිව මාස ගණනක් බලාසිටින ජනතාවට සිය දෙවෙනි මාත්‍රාව ලබාගැනීමට හැකිවනු ඇත.

1 Minute
Health

රජයේ සේවක උද්‍යෝගය යළි ඇතිකරන්නේ කොහොමද?

විවිධ වෙනස්කම් තිබුණත්, මේ රට වෙනුවෙන් අවංක අභිලාෂයක් තිබෙන ජවිපෙ, පෙසප, සෙසු වාමාංශික හා ප්‍රගතිශීලී බලවේග, පුරවැසි හා සිවිල් සමාජ ව්‍යාපාර, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන සංවිධාන ආදිය එකතු වුණොත් එහෙම නායකත්වයක් නිර්මාණය කරගන්න බැරි වෙයිද? මේ දවස්වල මං කල්පනා කරන දෙයක් තමයි ඒ.

1 Minute