වේයන්ගොඩ නිදානෙ රන් දෑකැති තියෙන්න බැරිද
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ රත්තරං තිබුණේ නැත. මුතු මැණික් නම් තිබිණි. එහෙත්, ලංකාව ඉතිහාසයේ කවදාවත් ලොව ප්‍රධානම ධනවත් රාජ්‍යයක්ව සිටියේ
අජිත් පැරකුම් ජයසිංහ ලංකාවේ රත්තරං තිබුණේ නැත. මුතු මැණික් නම් තිබිණි. එහෙත්, ලංකාව ඉතිහාසයේ කවදාවත් ලොව ප්‍රධානම ධනවත් රාජ්‍යයක්ව සිටියේ
2019 වසර දක්වා අප ආ ගමන දිහා ආපසු හැරී බැලිය යුතුයි. ඒ වුණාට අප ඒක කරනවාද? අපේ ජීවිත හැම පැත්තෙන්ම වෙළාගත්තෙ ලෝකයට දරාගත නොහැකි පාරිභෝජනවාදයකින්. අති දීර්ඝ කාලයක් ජරපත් වෙමින් ජීවත් වීමේ ආශාව දක්වාම මේ පාරිභෝජනවාදය දීර්ඝ වුණා. මහපොළව මත මිනිසාගේ ක්‍රියාකාරකම්වල බර තව දුරටත් මහපොළවට දරාගන්නට බැරි තත්වයක් නිර්මාණය වුණා. මේවා මං නැවත කියන්නට අවශ්‍ය නැහැ. ඇති තරම් ‘විද්‍යාඥයන්’ ඒවා ගැන විස්තර කරලා තියෙනවා. ඒ යුගය/ අවධිය අවසන් විය යුතුව තිබෙනවා.
ලිංගිකත්වයට බැඳලා තියෙන වැටකොටු මත පදනම්ව තමයි නූතන සමාජ ක්‍රමය ගොඩනැගිලා තියෙන්නෙ. ඇඳුම්, විශේෂයෙන්ම යට ඇඳුම්, සුවඳ විලවුන්, රූපලාවන්‍ය උපකරණ හා සේවා, සමාජ උත්සව, රැකියා, මාධ්‍ය, කලා ආදී වෙළඳපොළවල් හැම එකකම පදනම මේ නිදහස් ලිංගිකත්වයට තිබෙන බාධාව තමයි. ඒ වෙළඳපොළෙන් හා ලාභයෙන් ආදරය හා ලිංගිකත්වය ගලවාගැනීම සඳහා පුළුල් සංවාදයක් හා අරගලයක් අවශ්‍යයි.
මෙම කාරණය රෝහිත රාජපක්ෂ විසින් අභ්‍යවකාශගත කරන ලද බව කියන චන්ද්‍රිකාවට ද අදාළය. රාජපක්ෂ පවුල බලය පිළිබඳ සිතන ආකාරය හා විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ දරුවන් සිතන පතන ආකාරය තේරුම්ගැනීම රටේ අනාගතයට වැදගත් විය හැකිය. එසේම, ඔවුන් විසින් ප්‍රවර්ධනය කරනු ලබන දෘෂ්ටිවාදය හා ජීවන විලාසය ද මෙම ගීතයෙන් ප්‍රකාශ වේ යයි සිතිය හැකිය.
මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික ‘නලීන්වාදීන්’ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදීන්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි. මෙවැනි අවලාදවලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ ‘නලීන්වාදී’ අනුගාමිකයින් සමග අප සුදානම්ය.
අන්තවාදයන් පිටුදැකීම සඳහා කළ යුතු දෙයක් වන්නේ එක දෙයක ඕනෑවට වඩා එල්බගැනීමෙන් වැළකීමයි. කොතරම් හොඳ දෙයක වුණත් අධික ලෙස එල්බ ගන්නෝ එම දෙය හා සම්බන්ධ මනෝ ලෝකයක අන්තවාදියෝ වෙති. විවිධත්වයෙන් පිරි ලෝකයක ජීවත් වීම හා විවිධත්වයන් ඉවසන්නට පුරුදු වීම ජීවිතයට සුබදායී වේ. අන්තවාදයට එරෙහිව දිවි හිමියෙන් සටන් කරන අන්තවාදය ද තවත් එක් අන්තවාදයක් පමණි.
ශ්‍රී ලංකාවේ චීන කොන්ත්‍රාත් මත ක්‍රියාත්මක වන බොහෝ ඉදිකිරීම් ව්‍යාපෘතිවල චීන කම්කරුවෝ සේවය කරති. නිල වශයෙන් 15,000ක් සිටින බව කීව ද, ඇත්ත සංඛ්‍යාව ලක්ෂයක් පමණ විය හැකි බව ඉදිකිරීම් කර්මාන්ත ආරංචි මාර්ග පවසයි. චීන ව්‍යාපෘතිවල ශ්‍රමිකයන්ගෙන් 30-40% අතර ප්‍රමාණයක් චීන ශ්‍රමිකයෝය. දැන් දැන් දේශීය ඉදිකිරීම් සමාගම් ද චීන කම්කරුවන් සේවයේ යොදවන බව පෙනේ.