ලංකාව දිළිඳුම රටක් බවට පත්වෙලාද?

2022දී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම ඩොලර් 3000ක් පමණ වනු ඇතැයි තක්සේරු කර තිබෙනවා එම නිසා ශ්‍රී ලංකාව අයත් වනු ඇත්තේ පහළ මැදි ආදායම්ලාභී රටවල් වර්ගයටයි.

International Development Association (IDA) හෙවත් ජාත්‍යන්තර සංවර්ධන ආධාර හෙවත් සහන පොළී අනුපාතික යටතේ ණය ලබාගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන මුත්, එම ණය ලබාදෙන්නේ අඩු ආදායම්ලාභී රටවලටය.

ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම අඩු ආදායම්ලාභී රටවල මට්ටමට වඩා ඉහළය. මැදි ආදායම්ලාභී රටවල් විසින් ණය ලබාගත යුත්තේ International Bank of Reconstruction and Development (IBRD) හෙවත් ජාත්‍යන්තර ප්‍රතිසංස්කරණ හා සංවර්ධන බැංකු ක්‍රමය යටතේය. එහි ණය සඳහා විවෘත මූල්‍ය වෙළඳපොළේ පොළී අදාළ වේ.

ශ්‍රී ලංකාව උත්සාහ කරමින් සිටින්නේ අඩු ආදායම් රටක් ලෙස නම් කරගැනීමට නොව, Gap රටක් ලෙස නම් කරගැනීමටයි. ඒ ඔස්සේ තාවකාලිකව සහන පොළී ණය ලබාගත හැකි වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *