Migrant workers

විදේශ ශ්‍රමිකයන් ලංකාවට මුදල් එවීම වැඩිවෙලා

ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් 2022 දෙසැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475.6ක් එවා ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පවසයි.

2022 නොවැම්බර් මාසයේදී විදෙස්ගත ශ්‍රමිකයෝ මෙරටට ඩොලර් මිලියන 384.4ක් එවූහ. එයට සාකේෂව 25%කට වඩා වැඩි වීමක් දෙසැම්බර් මාසයේදී සිදුවී තිබේ.

කෙසේ වෙතත්, 2021 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඩොලර් බිලියන 5.49 ක් එවා ඇති අතර 2022 දී ප්‍රේෂණය කර ඇත්තේ ඩොලර් බිලියන 3.8 ක් පමණක් බව දත්ත අනාවරණය කරයි.

2022 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් 2021 ට වඩා සියයට 31 ක් අඩුවෙන් මුදල් ප්‍රේෂණය කර ඇති බව මහ බැංකු දත්ත අනුව පෙනී යයි.

වසර මුල හරියේදී බාහිර මූල්‍ය වෙළඳපොළේදී ඩොලරයට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබීම නිසා ද, රාජ්‍ය විරෝධී දේශපාලනඥයන් විසින් රටට ඩොලර් නොඑවන ලෙස විදේශ ශ්‍රමිකයන්ගෙන් ඉල්ලා සිටි නිසා ද විදේශ ශ්‍රමික ප්‍රේෂණ අඩු වූ අතර, උන්ඩියල් වැනි නීති විරෝධී ක්‍රම මගින් මුදල් එවීම වැඩි විය.

විදේශ ශ්‍රමික ප්‍රේෂණ සාමාන්‍ය තත්වයට පත්වීම ආර්ථික හා දේශපාලනික ස්ථාවර වීමේ ලක්ෂණයකි.

ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ශ්‍රී ලංකාවට විදේශ ආදායම් ලැබෙන ප්‍රධාන මූලාශ්‍රයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *