IRD

හැටඅටේ දීපු විසඳුම් ක්‍රියාත්මක නොකිරීමෙන් පනස්පස් අවුරුද්දකට පසු බැටකන ලංකාව

පරිවර්තනයට ලක්වෙමින් තිබෙන ලංකාවේ රජය තිරසරභාවය ගොඩනගා ගත යුතුයි. එහිදී තමන්ගේ වගකීම් හා කාර්යභාරය හඳුනාගත යුතුයි. ආදායම් හා වියදම් තුලනය කරගත යුතුයි. ආදායම් තුලනය කරගැනීමේදී බදු පරිපාලනය අතිශය වැදගත්. මධ්‍ය කාලීනව හා දිගු කාලීනව ආදායම් වැඩිකර ගැනීමට එය අත්‍යවශ්‍යයි. රජයට බදු ආදායම් ලබාදෙන ප්‍රධාන ආයතන තුනක් තියෙනවා. ඒ තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව හා රේගුව. බදු පරිපාලනය

බදු පරිපාලනය ප්‍රතිසංස්කරණය කිරීමේදී මූලික වශයෙන් අවධානය යොමුකළ කළ යුතු ආයතනයක් වන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි (IRD)යි.

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා විද්‍යාර්ථියකු වන උමේෂ් මොරමුදලි හා International Centre for Tax and Development and IDS, Sussex හි මික් මුවර් විසින් 2022 අප්‍රේල් 12 සම්පාදනය කරන ලද ලිපියක දැක්වෙන පරිදි, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වැඩි අවස්ථාවක් තිබේ. එහි කාර්ය සාධනයේ අඩුපාඩු පිළිබඳ ගැටලු වඩාත් පහසුවෙන් විසඳාගත හැකිය.

එයට සාපේක්ෂව, රේගුව ප්‍රතිසංස්කරණවලට වැඩි විරෝධයක් දක්වනු ලැබිය හැකි අතර, දැනට තිබෙන තත්වය පවත්වාගැනීමට කටයුතු කිරීමේ වැඩි පෙළඹුමක් තිබේ.

දිගුකාලීනව, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එකතු කරනු ලබන සෘජු බදු ප්‍රමාණය වැඩි වන පරිදි ශ්‍රී ලංකාව පරිවර්තනය විය යුතුය. විශේෂයෙන්ම, ආදායම් බදු වෙත යොමු විය යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙහි RAMIS තොරතුරු තාක්ෂණ පද්ධතියේ ගැටලු නිශ්චිතව හඳුනාගෙන ඒවා විසඳිය යුතු බව ඔවුහු පෙන්වා දුන්හ. අවුරුදු හතරක කාල පරිච්ඡේදයක් තුළ අවම වශයෙන් 50% කින් ආදායම වැඩි කිරීමේ ඉලක්කයක් ලබාදිය යුතු බව ද ඔවුහු පෙන්වා දුන්හ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ මෙය සිදු කිරීමට තරම් ප්‍රමාණවත් කැපවීමක් සහ හැකියාවක් තිබුණත්, නොමැති බව වඩාත්ම පැහැදිලිව පෙනෙන සාධකය වන්නේ මූලෝපායික නායකත්වයක් නිසා එය කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

“ලංකාවේ බදු ක්‍රමය සම්පූර්ණයෙන්ම විවිධ ආකාරයේ බදු නිදහස් කිරීම්වලින් සමන්විතය. ඒවා අඩු කිරීම මගින් බදු ආදායම් වැඩිකිරීම සහ බදු කාර්යක්ෂමතාව වැඩිකිරීම යන දෙකටම සැලකිය යුතු දායකත්වයක් ලබා දිය හැකිය. පවතින සියලුම බදු නිදහස් කිරීම් පරීක්ෂා කිරීමේ සහ අසාධාරණ ලෙස පෙනෙන ඒවා ඉක්මනින් අවසන් කිරීමේ ක්‍රම නිර්දේශ කිරීම සඳහා බලය සහිත කුඩා, අර්ධ වශයෙන් ස්ථාවර කාර්ය සාධක බලකායක් පිහිටුවීමට අපි නිර්දේශ කරමු.”

1968 බදු කොමිෂන් සභා වාර්තාවේ දක්වා ඇති උපාය මාර්ගයෙන් බදු පරිපාලනය විධිමත් කළ හැකි බව එම ලිපිය පෙන්වා දෙයි. එම යෝජනාවේ මූලික හරය වූයේ බදු ප්‍රතිපත්ති සහ බදු ක්‍රියාත්මක කිරීමේ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අධ්‍යක්ෂවරුන් සහිත ආදායම් අධ්‍යක්ෂ කාර්යාංශයක් පිහිටුවීමේ යෝජනාවයි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, රේගුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව වෙනම දෙපාර්තමේන්තු ලෙස පවතින අතර, ඒවායේ ප්‍රධාන අරමුණු වන්නේ තක්සේරු සිදුකිරීමයි. වෙනත් බොහෝ කාර්යයන් (උදා: එකතු කිරීම, විමර්ශන, මානව සම්පත්, නීතිමය) විශේෂිත, පොදු දෙපාර්තමේන්තු මගින් සිදු කරනු ලැබේ.

මේ වන විට ලංකාව තුළ කැපී පෙනෙන අඩුපාඩුවක් වන්නේ වෙනම ක්‍රියාත්මක වන ආදායම් දෙපාර්තමේන්තු අතර සහයෝගීතාවක් නොමැතිකම වන අතර ආදායම් අධ්‍යක්ෂ කාර්යාංශය මගින් එම තත්වය වෙනස් කරනු ඇත.

මෙම ආර්ථික විශ්ලේෂකයන් දෙදෙනා යෝජනා කරන්නේ උපායමාර්ගික අරමුණ විය යුත්තේ ආදායම් අධ්‍යක්‍ෂ ජනරාල් කාර්යාංශය නිර්මාණය කිරීම, සේවකයන්ට වැඩි වැටුප් පැකේජ සහ සේවා කොන්දේසි සහිතව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉක්මනින් එයට මාරු කිරීම  සහ දිගුකාලීනව රේගු සහ සුරාබදු දෙපාර්තමේන්තු එයට අනුබද්ධ කිරීම බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *