කොළඹ නවාතැන් ප්‍රශ්නය හා අරගල
අජිත් පැරකුම් ජයසිංහ
මාත් කාලයක් මතුගමටත් එහා ඉඳන් යතුරුපැදියක සිට මතුගම ටවුමටත්, බසයේ කලුතරටත්, කෝච්චියේ බම්බලපිටියටත්, පයින් තුන්මුල්ලටත් වශයෙන් රස්සාවට ගියා. ඇතැම් දවස්වල කාර්යාලයේ හවස් වෙනකල් වැඩ තිබුණා. හවස හත පහුවුණාම ටැක්සියකින් ගෙදර යාමේ වරප්‍රසාදයක් අපට තිබුණා. ඒ වුණාට ඒක නාස්තිකාර වැඩක්.
මට සතියට දවසක් හෝ දෙකක් විතරයි කොළඹ ඉන්නට ඕනැ වුණේ. ඒ කාලේ මං කොළඹින් කාමරයක් හෙව්වා. 2015-2020 අතර කාලෙදි රු. 15,000-20,000 අතර මුදලකට තමයි හෙව්වෙ. පත්තරවල එහෙම තියෙන තැන් බලන්න ගියා. කොම්පඤ්ඤවීදියෙ, බොරැල්ලෙ, කිරුළපන තැන් කීපයක් බැලුවා. ඒවායේ වාතාශ්‍රයවත් හරියට තිබුණෙ නැහැ.
මහරගම, පිළියන්දල, දෙමටගොඩ වගේ තැන්වල නවාතැන් ගන්න එක මතුගම මට තේරුමක් තිබුණෙ නැහැ. මොකද, මං සාමාන්‍ය දවස්වලදි ෆ්ලෙක්සිබල් අවර්ස් ක්‍රමයට වැඩ කළේ 7.15-3.15. විදියට. මං වැඩ ඇරිලා ටක් ගාලා කොටුවට ගිහින් රුහුණෙ නැගලා කළුවර වැටෙන්න කලින් ගෙදරටම යන දවසුත් තිබුණා. අර තැන්වල ඉඳන් පැයකට වැඩි කාලයක් මහමග රස්තියාදු වෙන එකේ තේරුමක් තිබුණෙ නැහැ.
කොළඹ රැකියා කරන අයට අද වන විට මුහුණදෙන්නට සිදුවන ප්‍රධාන ගැටලුව තමයි ප්‍රවාහන ගාස්තු. එදා රු. 60ක් විතර වුණ මරදානේ සිට දකුණු කලුතරට දුම්රිය ගාස්තුව දැන් රු. 120ක්. මතුගම සිට කොළඹට ඉන්ටසිටි ගාස්තුව රු. 500ක් විතර වෙනවා.
කොළඹ රැකියා කරන අයට අඩු මිලකට නතර විය හැකි හොස්ටල් ක්‍රමයේ නවාතැන් සැකසීමට රජයට, රාජ්‍ය නොවන සංවිධානවලට, වෘත්තීය සමිතිවලට, සමාගම්වලට පුළුවන්. ඒක සාධාරණ ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයක්. ඒ වෙනුවෙන් යම් වැඩිදියුණු කිරීම් සහිතව පාවිච්චි කළ හැකි හිස් ගොඩනැගිලි කොළඹ දැනටත් තියෙනවා.
ඒ වගේම, දේශපාලන කණ්ඩායම් වැනි අයටත් පුළුවන් චමරි වගේ ස්ථාන කොළඹ ස්ථාපිත කරන්න. ඒවා ජනතාව සමග වැඩකරන අලුත් ක්‍රම බවට පත්කරගන්නට පුළුවන්.