බස්(ත්‍ර)වාදය
අජිත් පැරකුම් ජයසිංහ
බස්වාදය යනු අනෙක් ඕනෑම එවැනි ‘වාදයක’ ලක්ෂණ හා සමාන ලක්ෂණ ඇති දෙයකි. උදාහරණයක් ලෙස පාසල්වාදය හා බස්වාදය අතර දැඩි සමානකමක් තිබේ. පාසලක් සම්බන්ධ, වර්ණ, කොඩි, සංකේත, ඉතිහාසය, සංස්කෘතිය ස්වෝත්තමවාදී ලෙස ප්‍රවර්ධනය කිරීම පාසල්වාදය නම්, බස්වාදය යනු කුමක්ද?
යම් යම් බස් ලක්ෂණ බස්මය අභිමානයකින් ප්‍රවර්ධනය කිරීම බස්වාදය යයි කිව හැකිය. මෙය ද අලුත් දෙයක් නොවේ. අප කුඩා කාලයේ අපට ද බස් හා ලොරි ආදී වාහන වාහනයකට වැඩි දෙයක් විය. නිවෙන පත්තු වෙන හෙවත් ‘ඔටෝමැටික්’ බල්බ්, විවිධ වර්ණ, චිත්‍ර, සංගීතමය නලා ආදිය හැත්තෑව දශකයේ පොදු ප්‍රවාහන හා චාරිකා බස්වල පවා තිබිණි. ඒ කාලයේ බස්වල රේඩියෝ තිබුණු බවක් මතක නැත. රේඩියෝ යනු ඒ කාලයේ බලපත්‍ර ලබාගෙන පාවිච්චි කළ යුතු සේවාවකි. හොඳ කාර්වල රේඩියෝ ද තිබිණි. ඒ කාලයේ බස් කලාව වැනිම වූ ලොරි කලාවක් ද තිබිණි. ලොරි බොඩි මත පිංතාරු කිරීම චිත්‍ර ශිල්පීන් පිරිසකගේ රැකියාව විය.
21වන සියවසේදී අපේ රටේ බස් කලාව නම් දෙයක් ද නිර්මාණය වී තිබේ. එය හා සමාන ත්‍රිරෝද රථ කලාවක් ද තිබේ. ජීප් කලාව හා කාර් මොඩිෆයි කරන කලාව තරමක් සල්ලිකාරයන්ගේ විනෝදාංශ වේ.
බස් කලාවේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ, එල්ඊඩී, මියුසික් හෝන්, සයිලන්සරයට සවිකරන විස්ලිං හෝන්, ස්ටිකර්, ඩිජිටල් ප්‍රින්ටිං, සුදු යකඩ හා සවුන්ඩ් සෙටප් ආදියයි.
මෙවැනි බසයකට නැග්ගොත් මට නම් හිසරදය හා ඔක්කාරය හැදෙන මුත්, ලංකාවේ බහුතර ජනයාට එහෙම එකක් නැති බව පෙනෙන නිසා බහුතර ප්‍රජාතන්ත්‍රවාදය අනුව අපට ඒවා විඳ දරාගැනීමට සිදු වේ.
එහෙත්, ප්‍රශ්නය වන්නේ සමාජයක් ලෙස අප උසස් ප්‍රමිති කරා යනවාද, නැතිනම් මෙතනම රැඳෙනවාද යන්නයි. අප දිගටම කරන්නේ ලොරි චැසි මත ඇටවූ මේ බස්වලට සැරසිලි කිරීමද? නැතිනම් සැබැවින්ම බස් ආනයනය කිරීමද? මෑතදී ලංගමට ආනයනය කර තිබුණේ බස්ය.
ඒ මදිවාට බස්වලට වැඩි වැඩියෙන් නීති විරෝධී උපාංග එකතු කර මොඩිෆයි කිරීම අවසන් වන්නේ කොතැනින්ද? මේ අන්දමින් කටයුතු කළ හැකි නම් අපට නීති කුමටද?
වාහන සම්බන්ධයෙන් ඔබ දැනගත යුතු නීති කිහිපයක් සම්බන්ධ ලිපියකට සබැඳිය මෙතැනින්