Sajith and Jalani Premadasa

සජිත්ට දරුවන් නැති එක ගැන මහින්ද හිනා වුණ එක හරි ද?

විවාහ වීම හෝ නොවීම, දරුවන් හැදීම හෝ නොහැදීම, දරුවන් හදනවා නම් කීදෙනෙකු හදනවා ද යන වග ආදී කරුණු පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුලක නම් සැමියාගේ හා බිරිඳගේ පොදු තෝරාගැනීම් ය.

සජිත් ප්‍රේමදාසට ඕනෑ නම් දරුවන් හදන්නට හෝ නොහදා සිටින්නට අයිතිය ඇත. රටේ අගමැති වන මහින්ද රාජපක්ෂ නම් වයස අවුරුදු 74ක් වන වැඩිහිටි පුද්ගලයා මහජන රැස්වීමකදී ඒ පෞද්ගලික අයිතිය විහිළුවට ලක් කරනවා නම්, ඔහු කොතරම් අපරිණත, ලජ්ජා විරහිත පුද්ගලයෙකු ද?

මඳ සරුබව ලෙස සැලකෙන තත්වය ද වර්තමානයේදී මිනිසුන් අතර සුලබ ය. එයට රාජපක්ෂලා ඇතුළු ඕනෑම කෙනෙකු ගොදුරු විය හැකි ය. ඒ වෙනුවෙන් ප්‍රතිකාර කිරීම කෙරෙහි ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් යොමු කර තිබේ. රටේ අගමැති ය කියන වැඩිහිටි පුද්ගලයා හිනාවෙන්නේ එවැනි කාන්තාවන්ට ය. එය කෙතරම් කණගාටුදායක තත්වයක් ද?

රටක නායකයන් මේ අන්දමින් හැසිරීම ඉතාම පහත් තත්වයකි.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *