Jiya Rai

ඔටිසම් ගැන දැනුවත් කරන්න මන්නාරමේ සිට ඉන්දියාවට පිහිනූ ජියා

ඡායාරූපයේ සිටින්නේ ජියා රායි. ඇය තමිල්නාඩුවේ 13 හැවිරිදි ගැහැණු ළමයෙක්. 2022 මාර්තු 20දා ඇය ලංකාවේ තලයිමන්නාරමේ සිට තමිල්නාඩුවේ අරිචලමුනෙයිහි ධනුෂ්කොඩි වෙරළ දක්වා පිහිනුවා. ඒ වෙනුවෙන් ඇයට පැය 13ක කාලයක් ගතවුණා.

ඇගේ අරමුණ වුණේ ඔටිසම් හෙවත් Autism Spectrum Disorder (ASD) පිළිබඳ සමාජය දැනුවත් කිරීමයි. පුද්ගල සංවර්ධන ආබාධ සමූහයක් වන එය හේතුවෙන් සමාජ, සන්නිවේදන හා චර්යාත්මක අභියෝග ඇතිවිය හැකියි.

දක්ෂ පිහිනුම් සූරියක වන ජියා මින් පෙරත් මෙවැනි දැනුවත් කිරීමේ පිහිනුම් අවස්ථා කීපයකම යෙදුණා.

ජියා රායි ධනුෂ්කොඩිහිදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *