Economic center

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයෝ

ආර්ථික මධ්‍යස්ථාන අයිති කෘෂිකර්ම අමාත්‍යාංශයට. ඒවායේ කඩ දීලා තියෙන්නෙ බද්දට.

ආර්ථික මධ්‍යස්ථානවල නාඩිකාරයන් කියා පිරිසක් ඉන්නවා. ඔවුන් තමයි ගොවියාත්, වෙළෙන්දාත් අතර මැද ඉඳගෙන මිල තීරණය කරන්නෙ. ඔවුන් අධික ලාභයක් ලබනවා. නාඩිකාරයන් නිසා එළවළු හා පලතුරු මිල ඉහළ යන බව වාර්තා වෙනවා.

නාඩිකාරයන් ගොවීන්ට ඍජුවම වෙළෙන්දන්ට නිෂ්පාදන අලෙවිකරන්නට දෙන්නේ නැහැ.

නාඩිකාරයන්ට දේශපාලන අනුග්‍රහය ලැබෙන බව කියනවා.

ගොවීන්ට කෙළින්ම එළවළු හා පලතුරු වෙළෙන්දන්ට විකිණීමට අවස්ථාව ලබාදෙන බව කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසනවා.

කෙළින්ම ගොවීන්ගේ නිෂ්පාදන මිල දී නොගන්නා කඩ හිමියන්ගේ බදු ගිවිසුම් අහෝසි කිරීමට තීරණය කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *