Dilan Perera

කොවිඩ් රෝගීන් පාර්ලිමේන්තුවේදී පවා අපකීර්තියට ලක්කිරීම

කොවිඩ්-19 රෝගීන්ගේ නම් ගම් සහිතව සඳහන් කරමින්, ඔවුන්ට රෝගය වැළඳුණු ආකාරය ද සඳහන් කරමින් ආණ්ඩුව හා රජයේ නිලධාරින් විසින් කරනු ලබන ප්‍රචාරයන් ඉතාම නින්දිතය. එසේම, එය මානව හිමිකම් හා රෝගී අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.

පසුගිය අගෝස්තු 5දා කොවිඩ්-19 හේතුවෙන් මියගිය සෙල්වරාජා ශාන්තිමලර් ගුරුතුමිය ජුලි 30දා බණ්ඩාරවෙලදී පැවැත්වුණු ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම නිසා ඇයට කොවිඩ් වැළඳුණු බවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ වන විට එම ගුරුවරිය ස්වයං නිරෝධායනයට ලක්ව නිවසේ සිටි බව ලංකා ගුරු සේවා සංගමය පවසයි.

ආණ්ඩුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අයත් ගුරු සංගමය විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ශාන්තිලතා නම් ගුරු උපදේශිකාවකට කොවිඩ් වැළඳුණේ ගුරු උද්ඝෝෂණයට සහභාගී වීම නිසා බව පැවසීය. එය වැරදි බව එම ගුරු උපදේශිකාව දුරකථනයෙන් දැනුම් දී තිබේ.

කෙසේ වෙතත්, මේ වන විට ගුරු සංගම් විසින් සෞඛ්‍ය අංශවල ඉල්ලීම මත උද්ඝෝෂණ තාවකාලිකව නතර කර තිබේ. එහෙත්, ආණ්ඩුව උද්ඝෝෂණ සිදුකළ සිසුන් හා ගුරුවරුන් ගණනාවක්ම පොලිසිය ලවා පැහැරගෙන ගියේය.

ශ්‍රී ලංකාව පළමු අදියරේදී සාර්ථක ලෙස කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කරගත්තේ ප්‍රධාන වශයෙන් ම කාරණා කීපයක් මත පදනම්ව ය.

  • කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි අපකීර්තියක් ඇති කිරීම
  • රෝගීන් හා රෝගියා ඇසුරු කළ අය අල ගිය මුල ගිය තැන් සොයා අල්ලා නිරෝධායනයට දැමීම

මෙය එතරම් හොඳ තත්වයක් නොවන බව අප ඒ කාලයේමත් පෙන්වා දුන්නෙමු. බොහෝ කලකට පසුව ද ආණ්ඩුව වෙනස් වී නැති බව පෙනේ. රෝගීන් අපකීර්තියට ලක්කිරීම නින්දිත ක්‍රියාවක් බව තවමත් ආණ්ඩුව තේරුම්ගෙන නැත.

පසුගිය නොවැම්බර් 29දා මහර බන්ධනාගාරයේදී කොවිඩ් රෝගී සිරකරුවන් 11දෙනෙකු මරාදමන ලදී. ඔවුන් මරාදැමීමට හේතු වුණේ, රෝගී අයිතිවාසිකම් උදෙසා පැනනැගුණු අරගලයකි.

ආණ්ඩුවෙන් පරිස්සම් වන්න.

කාටුනය ඩේලි නිව්ස් පුවත්පතෙනි. පහත දැක්වෙන ලිපිත් කියවන්න.

කොවිඩ්-19 රෝගීන් වැරදිකරුවන් කරන ක්‍රියා වහා නවත්වනු!

කොවිඩ්-19ට වඩා භයානක ඒ පිළිබඳ ඇති සමාජ අපවාදය

Creative Content Consultants

Leave a Reply

Your email address will not be published. Required fields are marked *