ජනාධිපතිවරණයට එජාපෙන් රනිල්

එක්සත් ජාතික පක්ෂයේ නිල ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌‌ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

Sinhala Tamil English Translations and Content Writing

එජාප ව්‍යවස්ථාව අනුව වික්‍රමසිංහ සිය අපේක්ෂකත්වය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ තහවුරු කරගැනීමට නියමිත ය. එහිදී සජිත් ‌ප්‍රේමදාසට සිය අනාගතයට වාසිදායක විය හැකි සම්මුතියකට පැමිණීමට ‌හෝ නැතිනම් පක්ෂයෙන් ඉවත්ව ‌ගොස් ‌වෙන ම තරග කිරීමට සිදු වනු ඇතිි බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.

සජිත් ප්‍රේමදාස සම්මුතියකට පැමිණීමට කැමැත්ත පළ කරමින් ඇති බව ද, ඔහු එජාප අපේක්ෂකයා ‌ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අජිත් පී. ‌පෙරේරා, හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වැනි පිරිස්වල බලපෑම නිසා සම්මුතියකට පැමිණීම පමා ‌වෙමින් තිබෙන බව ද වාර්තා ‌වේ.

මෙම පිරිස අතර නිර්මාණය වූ සන්ධානයෙහි යම් පසුගාමී අශුද්ධ ලක්ෂණ පක්ෂය තුළ හා පක්ෂයට හිතවත් කණ්ඩායම් අතර දැඩි විරෝධයකට තුඩු දී ඇති බව වාර්තා ‌වේ.

පසුගිය ඔක්තෝබර් 26දා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඒක්ව දියත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී ද සජිත් ‌ප්‍රේමදාස කුමන්ත්‍රණකරුවන් සමග ගනුදෙනු කළේ ය. වර්තමානයේදී ද ඔහු ජනාධිපති ‌මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව එජාපය කැඩීමේ සන්ධානයක් සඳහා සලකා බැලීම් කරමින් සිටින බව ද වාර්තා ‌වේ.

එම කුමන්ත්‍රණයට එරෙහි අරගලයේදී ‌පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ය. එබැවින්, ‌මේ ‌මොහොතේ ජනාධිපති අපේක්ෂකත්වය ‌වෙනත් අයෙකුට ලබා දීමට ඔහුගේ කිසිදු උනන්දුවක් නැති බව වාර්තා ‌වේ. එජාප ප්‍රමුඛ සන්ධානයේ සහයෝගය ද හිමි වන්නේ ඔහුට බව වාර්තා ‌වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *