ඥානසාර හිමිගේ සහාය මෛත්‍රීට?

ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කිරීමෙන් පසු යම් නිහැඬියාවක සිටි බොදු බල සේනා සිංහල බෞද්ධ ජාතිවාදී ආන්තික ව්‍යාපාරය සැප්තැම්බර් 14දා සිට යළි කරළියට පැමිණීමට නියමිත ය.

Sinhala Tamil English Translations and Content Writing

සැප්තැම්බර් 14දා එම සංවිධානයේ තරුණ සමුළුව ලෙස හැඳින්වෙන රැළියක් නුගේගොඩ ආනන්ද සමරකෝන් විවෘත වේදිකාවේදී පැවැත්වීමට නියමිත ය. මේ වන විට ඒ සඳහා කටයුතු සූදානම් කරමින් තිබේ.

ඥානසාර හිමි ඇතුළු බොදුබල සේනා සංවිධානයේ නියෝජිත පිරිසක් පසුගිය සතියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු වී සාකච්ඡා කළ හ. ඔහු නිදහස් කළේ සහ නිදහසින් පසු ඔහුට පහසුකම් සැපයුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාර්ශ්වය විසිනි.

ජනාධිපතිවරයා නැවත ඡන්දයට ඉදිරිපත් වුවහොත්, බොදුබල සේනා සංවිධානය ශ්‍රීලනිපය සමග සන්ධානයකට යාමට ඉඩ තිබේ. කෙසේ වෙතත්, ලබන අඟහරුවාදා ඔවුන් තමන් ජනාධිපති ඡන්දයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නිවේදනය කිරීමට ඉඩ තිබේ.

බොදුබල සේනා සංවිධානය පසුගිය සමයේ බිම් මට්ටමේ සංවිධාන ජාලයක් ගොඩනගාගෙන ගිය අතර එයට සිංහල බෞද්ධ ඡන්දවලට බලපෑම් කිරීමේ හැකියාවක් තිබේ. එහෙත්, අතුරලියේ රතන හිමියන් දොස්තර ශාෆිට එරෙහිව හිටිහැටියේ කළ උපවාසය සම්බන්ධයෙන් මෙම සංවිධානයට ප්‍රතිචාර දක්වන්නට සිදුවීමෙන් අභ්‍යන්තර මතභේද ඇති විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *