සාපරාධී අපහාස නීතිය යළි ගෙනා යුතුද?
ආසන්න දින දෙකක ආශු මාරසිංහට හා අනුප පස්කුවල්ට එල්ල වූ ප්‍රහාර දෙකම මං සමීපව අධ්‍යයනය කළා. අනුප සහභාගී වූ රැස්වීමට සහභාගී වූ අය සමගත් කතා කළා. එහිදී කිසිදු ප්‍රමාදයක් සිදුවී නැහැ. කොරියානු ජාතිකයාගේ ඉදිරිපත් කිරීමේ තිබුණු කොටසක් අල්ලාගෙන තමයි ඩේලි මිරර් ප්‍රවෘත්තියක් ප්‍රබන්ධ කළේ. අනුප ප්‍රමාද වූ නිසා කොරියානුවා ඔහුට දෙහි කැපුවා කියන එකයි කියවුණේ. ඒත්, එය කතාවේ තිබුණු උදාහරණයක් පමණයි.
ආශුගේ සිද්ධිය ගැන මං කලිනුත් ලිව්වා. ආශු සම්බන්ධ වීඩියෝව ලබාගෙන ඇත්තේ අදාළ කාන්තාව බවත්, එහි ඇගේ කටහඩ මකාදමා ඇති බවත් දැනගන්නට ලැබුණා. යම්කිසි වෙලාවක දෙන්නා විහිළුවට කළ දෙයක වීඩියෝවක් පසුව දුෂ්ට අරමුණකින් භාවිතා කිරීමක් ලෙසයි මා දකින්නේ. එය අතිශය පෞද්ගලික දෙයක්. එය තනිකර සමගි ජන බලවේගයේ හිරුනිකාගේ මෙහෙයවීමෙන් සිදුවුණ දෙයක්. සජිත් ප්‍රේමදාස වගකිව යුතු කාරණයක්.
ආශුට එරෙහිව සමගි ජන බලවේගයේ පුවත්පත් සාකච්ඡාවෙදි ආදර්ශා කරඳන මෛත්‍රී වික්‍රමසිංහ හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක හමුවීමට උත්සාහ කළ බව කියනවා. එහෙම හමුවෙන්නට කිසිම අවශ්‍යතාවක් නැහැ. 2005 ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත කියවලා බලන්න. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වන කෙනෙකුට පොලිසියට පවා නොගිහින් කෙළින්ම අධිකරණයට පැමිණිලි කරන්නට පුළුවන්. මෛත්‍රී වික්‍රමසිංහ හෝ සමන් ඒකනායක මේ කිසිවකට අදාළ අය නෙමෙයි. මේවා තනිකර හිරුනිකාගේත්, සජිත්ගේත් උවමනාව මත විවිධ පුද්ගලයන්ට අපහාස කිරීම සඳහා කරන දේ.
ආශු හා අනුව දෙදෙනාට මාධ්‍ය විසින් සිදු කළ හානිය නැවත ආපසු හැරවිය නොහැකි තරම්. එසේම, එමගින් ආණ්ඩුවට කළ හානියත් අති විශාලයි. සාපරාධී අපහාසයේ නිරන්තර ගොදුරක් වන රනිල් වික්‍රමසිංහ විසින්ම 2002දී සාපරාධී අපහාස නීතිය ඉවත්කිරීම සාධාරණද කියන එක පවා මා එක්ක කතාකළ කෙනෙකු සමග සාකච්ඡා කරන්නට සිදුවුණා.
අසත්‍ය ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශවලින් පුද්ගලයන්ගේ චරිතයට හා කීර්තිනාමයට හානි සිදුකිරීම අපරාධයක් ලෙස නැවතත් දණ්ඩ නීති සංග්‍රහයට ඇතුළත් කළ යුතුද?
මෙය මාධ්‍ය මර්දනය කිරීමක් ලෙසයි සැලකෙන්නේ. ඒත්, මාධ්‍යම තමයි මේ ක්‍රියාවේ යෙදෙන්නෙත්.
තත්වය ඒ තරම් අසික්කිතයි.