Justin Trudeau

ඉන්දීය කැනඩා ගෝරිය හා අවිහිංසාවාදී ලුතිනන් කර්නල් තිලීපන්

නිශාන්ත ශ්‍රී වර්ණසිංහ
ශ්රී ලංකාවේ එල්ටීටීඊ බෙදුම්වාදී ත්රස්තවාදය නිසා ඉන්දියාවට අහිම උනා රජිව් ගාන්ධි. ඒ වගේම ඉන්දියාවේ පංජාබය තුළ ක්රියාත්මක වූ කලි ස්ථාන බෙදුම් වාදී ත්රස්තවාදීන් අතින් මැරුම් කෑවා රජිව් ගාන්ධිගේ මෑණියන් වන අගමැතිනි ඉන්දිරා ගාන්ධි.. මේ බෙදුම්වාදී ත්රස්තවාදී ව්යාපාර දෙකෙන් ඉන්දියාවට නායකයෝ දෙන්නෙක් අහිමි උනා.
1987 සැප්තැම්බර් මස 15 වැනිදා තිලීපන් හෙවත් රාසයියා පාර්ථිපන් යාපනය නල්ලූර් කෝවිල පිටුපස මාරාන්තික උපවාසයක් ආරම්භ කරනු ලැබුවේ එවකට ඉන්දු ලංකා ගිවිසුම යටතේ සාමය උදා කිරීමට ශ්රී ලංකාවට පැමිණ සිටි ඉන්දීය සාම සාධක හමුදාව මෙරටින් ඉවත් වන තුරු සිය උපවාසය අත් නොහරින බව ප්රකාශ කරමිනූයි. තිලීපන්ගෙ මරණය ඉන්දීය සාම සාධක හමුදාවට විරුද්ධව යුද ප්රකාශ කිරීමට ජනමතය සකස් කරගත් ඒ සඳහා පොට පාදාගත් තස්ත්රවාදී නායකයෙකුගේ ජීවිත පූජා කිරීමක් බව පැහැදිලිය. තිලීපන්ගෙ ජීවිත පූජාව හරහා එල්ටීටීඊ ය යළි යුද්ධයට අවතීර්ණ වී ඉන්දීය සෙබළු දෙදහකට අසන පිරිසක් ජීවිත බිලි ගත් අතර අවසානයේ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිගේ ජීවිතය ද පිළිගත්තේය. ලුතිනන් කර්නල්ලා තිලීපන්ගෙ අවිහිංසාවාදී ජීවිත පූජාව කෙළවර වූයේ තව ජීවිත දහස් ගණනක් අප රටට පමණක් නොව අසල්වැසි ඉන්දියාවට ද අහිමි කරමිනි. තිලීපන්ගෙ අවිහිංසාවාදී ජීවිත පූජාවේ ලේ වැකි වියරු තස්ත්රවාදී උරුමය එයයි.
මේ දිනවල කැනඩාවේ අගමැති ජස්ටින් ටෘඩො හා ඉන්දියාවේ අගමැති නරේන්ද්ර මෝදි අතර ගෝරියට මුල පිරී ඇත්තේ ද පන්ජාබ් කාලි ස්ථාන බෙදුම්වාදී ව්යාපාරයට කැනඩාව තුල ලැබෙන රැකවරණය හා ප්රවර්ධනයයි.
පසුගිය ජූලි මාසයේ දී කැනඩාවේ දී සිදුවු සීක් බෙදුම් වාදී නායකයෙකුගේ ඝාතනය කැනඩාවත් ඉන්දියාවත් අතර රාජතාන්ත්රික ගැටුමට හේතු වී ඇත. හරිදිප් සිං නජ්ජර් නම් මේ බෙදුම්වාදී නායකයා ඉන්දියාව තුළ ස්වාධීන රාජ්යයක් පිහිටුවීම සඳහා වන නිල නොලත් ජනමතවිචාරණයක් සංවිධානය කිරීමට සූදානම්ව කටයුතු කළ බව ඉන්දීය බුද්ධි අංශ වාර්තා කරයි. හතළිස් පස් හැවිරිදි හරිදිප් සිං ඉන්දියාවේ තහනම් කෙරුණු කලි ස්ථාන ටයිගර් ෆෝර්ස්( kTF) නම් සංවිධානයක ප්රධානියාද වෙයි. එසේම ඔහු ඉන්දියාවට අත්යවශ්ය ලයිස්තුවේ සිටී සීක් බෙදුම්වාදී ත්රස්තවාදී නායකයෙකු වන අතර ඔහුගේ හිස වෙනුවෙන් ලක්ෂ 10ක ත්යාගයක් ද පිරිනැමීමට ඉන්දීය ආරක්ෂක අංශ හා රජය කටයුතු කර තිබිණි. පසුගිය ජුනි මාසයේ මෙම සීක් බෙදුම්වාදී නායකයාගේ ඝාතනය ඉන්දියානු බුද්ධි අංශ විසින් සිදුකළ බවට කැනඩා රජය චෝදනා කරන අතර කැනඩා අගමැතිවරයා ප්රකාශ කරන්නේ ඉන්දීය අගමැතිවරයාගේ අනුදැනුම මත මෙය සිදු වූවක් බවයි.
මේ හේතුකොටගෙන කැනඩාවේ ඉන්දීය තානාපති වරයා එම ධූරයෙන් නෙරපීමට කැනඩා බලධාරීන් පසුගියදා තීරණය කළ අතර ඉන්දියාව ද එයට එකට එක කිරීමක් ලෙස ඉන්දියාවේ කැනඩා මහකොමසාරිස් වරයා ට දින පහක් තුළ රටින් පිටවිය යුතුබවට ඉන්දීය රජය දැනුම් දී ඇත. ඉන්දියාව තම රටට එරෙහිව ක්රියාත්මක වන ත්රස්තවාදීන්ට බෙදුම්වාදීන්ට ප්රතිචාර දක්වන්නෙ එලෙසය. හඹායන්නේ එලෙසය. තම රටේ ආරක්ෂාව වෙනුවෙන් රාජ්ය තාන්ත්රිකව ප්රතිචාර දක්වන්නෙ එලෙසය. එහෙත් අප රටේ එනම් ත්රස්තවාදී සංවිධානයක ත්රස්තවාදී අරමුණක් වෙනුවෙන් ජීවිතය පූජා කළ තස්ත්රවාදී නායකයෙකුගේ අනුස්මරණ වැඩසටහන් සංවිධානය වෙද්දි රථ පෙරහැර යද්දි ඒවාට අපේ පාලකයින් හා අපේ නීතිය ප්රතිචාර දක්වන්නෙ මෙලෙසය. තස්ත්රවාදයෙන් මෙතරම් බැටකාපු රටක් ඊට ප්රතිචාර දක්වන්නෙ පුදුම දනවන ආකාරයෙනි.
ගෝලීය දකුණ හා නැගිටින ආසියාවේ ආර්ථික සියවස අඩපන කිරීම සදහා ගෝලීය දකුණ පරාජය කළ හෝ අඩපණ කළ බෙදුම්වාදී ත්රස්තවාදී ව්යාපාරවල අන්තවාදී සංවිධානවල සුළු වාර්ගික කොටස් වල ක්ෂේම භූමි බවට පත්ව ඇත්තේ ආරක්ෂාව රැකවරණය සැපයෙන නැවතුම් පල වල බවට අද පත්ව ඇත්තේ ගෝලීය උතුරයි. තම මැතිවරණ අරමුණු වෙනුවෙන් හෝ භූදේශපාලනික උපායමාර්ගික සැලසුම්කරණ හා මූලෝපායන් වෙනුවෙන් මේ ගෝලීය දකුණේ රට වල බෙදුම්වාදීන් හා අන්තවාදීන් සමග කරන මේ ගනුදෙනුවේ හා දේශපාලන ක්රීඩාවේ ප්රතිවිපාක ගෝලීය උතුරට වැඩිකල් නොගොස් පාරාවළල්ලක් බවට පත්වනු ඇත.