Agriculture
ගොවීන්ට උපකාර කරනු! පොහොර සහනාධාරය නොදෙනු!
තම ආණ්ඩුවක් යටතේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අවසානයේදී හාල් මෝල් හිමියන් පොහොසත් කරන මෙම
0 Minute
තම ආණ්ඩුවක් යටතේ පොහොර සහනාධාරය නැවත ලබාදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. අවසානයේදී හාල් මෝල් හිමියන් පොහොසත් කරන මෙම
ඉතා දීර්ඝ කාලයක් තිස්සේ මේ රටේ මහජනතාව තම බදු මුදලින් මේ රටේ ගොවි ජනතාවට නොමිලේ ජලය ලබාදී තිබේ. පොදු සම්පතක් වන ජලය ගොවීන්ට පරිහරණයට ලබාදී තිබෙන්නේ නිකම් නොවේ. වාරි සංවර්ධනය වෙනුවෙන් අතිවිශාල ධනස්කන්ධයක් වැය කරමින් හා අඛණ්ඩව ඒවා නඩත්තු කරමිනි. මෑතක සිට වී ගොවීන්ට පොහොර ද නොමිලේ දෙන ලදී.
වගකීමක් සහිත කිසිදු අනාගත ආණ්ඩුවක් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගනු ලබන මෙම විප්ලවීය පියවර ආපසු හැරවීමට කටයුතු නොකළ යුතුය. මෙය පාවිච්චි කර ගොවීන් රවටා බලය ගත්තත්, බොරු ගොවීන් නිර්මාණය කරන, පොළව හා ජාතික ධනය නාස්ති වන පැරණි පොහොර ප්‍රතිපත්තියට නම් ආපසු නොයා යුතුය. ඒ සඳහා මේ වස විස කතාව උපයෝගී කරගත යුතුය.