Uncategorized

ඒකාධිපති කොරෝනා වයිරසය

ජනාධිපතිවරයා හා බැසිල් රාජපක්ෂ නායකත්වය දෙන බලවේගය කෙතරම් ආක්‍රමණශීලී ලෙස කටයුතු කරන්නේ ද යත්, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට කටයුතු කරන බව හෝ අවධාරණය කරන්නේ නැත. 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බල සිඳින ලද ඇමති මණ්ඩලයට හා පාර්ලිමේන්තුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගෙන එන්නට ලැබෙන්නේ නැත. ඒ සඳහා අවශ්‍ය ජනප්‍රියත්වය ද වර්තමාන ආණ්ඩුවට නැත.

1 Minute
Health

ජනතාවට එක ඇඟිල්ලක් දිගුකරන විට ඇඟිලි හතරක් පාලකයන් වෙත

ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මෙහෙයුම මුල පටන් ම සෞඛ්‍ය මෙහෙයුමකටත් වඩා මිලිටරි හා පොලිස් මෙහෙයුමක් විය. එහි පදනම වූයේ ආශ්‍රිතයන් හඹා ගොස් අල්ලාගෙන නිරෝධායනයට යොමුකිරීමයි. පසුගිය සමයේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීම අවම කර තිබිණි. ආශ්‍රිතයන් හඹා ගොස් සාර්ථක ලෙස වයිරස ව්‍යාප්තියේ මූලයන් හඳුනාගෙන හසළ අත්දැකීම් තිබෙන ආරක්ෂක අංශවලට තවමත් දෙවෙනි රැල්ලේ සුලමුල සොයාගැනීමට බැරි වීම විස්මය ජනකය. එය හිටිහැටියේ ම පූර්ණ වෛද්‍ය කාර්යයක් බවට පත් වී ඇති ආකාරය ද පුදුම සහගතය.

1 Minute
Health

වෙන රටවල් ටෙස්ට්! ශ්‍රී ලංකාව ඔන්න ලෙඩෙක් අල්ලපියෝ!

අජිත් පැරකුම් ජයසිංහ ස්විට්සර්ලන්තයේ ජීවත් වන ලාංකික දේශපාලන ක්‍රියාධරයකු වන සරත් ප්‍රනාන්දු හෙවත් දුම්රිය සරත් කතා කළා. සරත්ගේ ගෙදරට පසුගිය

1 Minute
Economy

වයිරසයෙන් ආරක්ෂාවේ වගකීම ජනතාවට දී ආණ්ඩුව ආර්ථිකය කඩාකප්පල් නොකර සිටිය යුතුය

කොවිඩ්-19න් කරන දේශපාලනය දැන්වත් අතහැර දැමිය යුතුය. වයිරසයෙන් ජනතාව ආරක්ෂා කරන දේවතාවන් සේ පෙනී සිටින්නට පාලකයන් උත්සාහ නොකළ යුතු ය. ඒ වෙනුවට වයිරසයෙන් ආරක්ෂා වීමේ වගකීම වැඩි වැඩියෙන් මහජනතාවට භාර කරමින් ආණ්ඩුව වැඩි අවධානයක් ආර්ථිකය වෙත යොමු කළ යුතුය.

1 Minute