Life

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් පූර්ණකාලීනව නිදහස් වීම

වෘත්තීය සමිති කටයුතු වෙනුවෙන් නිදහස් වී සිටින රාජ්‍ය සේවකයන් ඒ සඳහා භාවිතා කරනු ලබන්නේ ආයතන සංග්‍රහයේ XXV පරිච්ඡේදයේ දැක්වෙන වරප්‍රසාදයි. ඒවා රූපයේ දැක්වේ. ඒ අනුව, අවුරුදු හතරක් දක්වා පූර්ණ කාලීනව නිදහස් විය හැකිය. මහින්ද ජයසිංහ අවුරුදු 23ක කාලයක් නිදහස් වී සිටින බව මෙම වීඩියෝවේ දැක්වේ. ඒ සඳහා ඇමතිවරයාගේ අනුමැතිය ලබාගන්නා බව දැක්වේ. වෘත්තීය සංගම් කටයුතුවලට නිදහස් වී සිටින මෙම විප්ලවවාදීන් ඇමතිවරයා ළඟ පිංසෙණ්ඩු වී එසේ කරගැනීම කොයි තරම් නිර්ලජ්ජිත වැඩක්ද? දශක ගණන් එකම අය වෘත්තීය සමිති කටයුතුවලට නිදහස් වී සිටින්නේත්, ප්‍රධාන තනතුරු දරන්නේත් මේ සංගම්වල වෙනත් නායකයන් නැති නිසාද?

1 Minute
News

චීන පොහොරවලට එරෙහිව කෘෂිකර්ම නිලධාරි වෘත්තීය ක්‍රියාමාර්ගවල

ශ්‍රී ලංකා රජය විසින් චීනයෙන් හානිකර කාබනික පොහොර ආනයනය කිරීමට හා චීන සමාගමක් හා රජය විසින් ඒවා ශ්‍රී ලංකාවට බලෙන් පැටවීම සඳහා කරනු ලබන බලපෑමට විරෝධය පෑමක් ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව 2021/11/12 දින එක්දින වැඩවර්ජනයක් සිදුකරන අතර වෘත්තිය සංගම් නියෝජිතයන් එක්ව චීන තානාපති කාර්යාලය වෙත සංදේශයක් බාරදීම සිදු කරනු ඇත.

1 Minute
Economy

ශ්‍රී ලංකාව අලුතින් වරනැගෙන ලක්ෂ්‍යය සොයන අන්තර්ජාල කතා සාප්පුවක්

2021 Invest Sri Lanka සමුළුවෙහි සන්නාම පාඨය වන්නේ Asia’s Next Growth Haven හෙවත් ආසියාවේ මීළඟ වර්ධන ක්ෂේම භූමිය යන්නයි. එය ඉතා උන්නතිකාමී සිහිනයකි. ඒ සඳහා විභවයක් ද ශ්‍රී ලංකාවට තිබේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට වෙන යන්නට පාරක් නැති බව ද පුරවැසියන් අවබෝධ කරගැනීම අවශ්‍යය.

1 Minute
News

ඩිජිටල් එන්නත් හැඳුනුම්පතක් පිළිබඳ නාමල් රාජපක්ෂගේ උනන්දුව මොකක්ද?

වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි.

1 Minute
International

කෆාලා ගැටලු නිසා සවුදියේ අවුරුද්දකට වැඩි කලක් සිරගත කර සිටින කාන්තාවන් නිදහස් කරනු

බහුතරය ගෘහ සේවිකාවන් වන ශ්‍රී ලාංකික කාන්තාවන් 41දෙනෙකු (ඊට වැඩි විය හැකිය) රටින් පිටකිරීම සඳහා බලහත්කාරයෙන් සවුදි අරාබියේ රියාද්හි රැඳවුම් කඳවුරක රඳවා තබාගෙන සිටින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරය පවසයි.

1 Minute
English

What is UNHRC resolution 46/1 on Sri Lanka?

The resolution titled ‘Promoting reconciliation, accountability and human rights in Sri Lanka’ boosts the powers of the office of the UN High Commissioner for Human Rights with a view to future prosecutions.

3 Minute
News

අධ්‍යාපනය භක්ෂණයට හොර පාරෙන් විදුහල්පති පත්වීම්

ශ්‍රී ලංකාවේ පාසල් අධ්‍යාපනය ගුණාත්මක අතින් ඉතා දුර්වලය. අවිධිමත් පත්වීම් එයට ප්‍රධාන හේතුවකි. ශ්‍රී ලංකාවේ අනාගතය රැකගැනීමට නම්, අධ්‍යාපනය විධිමත් කළ යුතුය. අධ්‍යාපනය විධිමත් වන්නට නම්, හොඳ අධ්‍යාපන නිලධාරින්, විදුහල්පතිවරුන්, ගුරුවරුන් ආදිය සිටිය යුතුය. දේශපාලන හෙංචයියන් සනසන්නට අධ්‍යාපනය යොදාගන්නා නායකයන් කරන්නේ රටේ අනාගතයට එරෙහි අපරාධයකි.

0 Minute
Crime

උසාවියේදී නීතීඥයකුගේ හිසට කෙළ පඩික්කමක්

චෝදනාවක් ඔප්පු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නීතිය ඉදිරියේ නිවැරදිකරුවෙකි. චෝදනා එල්ල කරන පොලිසිය නිවැරදිදැයි අප කිසිවෙකු දන්නේ නැත. කවුරු හරි ද, කවුරු වැරදි ද කියා තීරණය කිරීමට අප එකිනෙකාට වෙන වෙන ම අවස්ථාවක් දීමට සමාජයට බැරි ය. එහෙයින් අපි යුක්තිය පසිඳලීම සම්බන්ධයෙන් වගකීම අධිකරණයට පවරා ඇත්තෙමු. අධිකරණය පූර්ව විනිශ්චයවලින් තොරව නඩු විභාගයක් පවත්වා අපට තීන්දුවක් දිය යුතු ය. සමාජයක් ලෙස එම තීන්දුව භාරගැනීමට අපි බැඳී සිටින්නෙමු. අධිකරණය සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු ය. එහිදී විත්තිකරුට තමන් නියෝජනය කිරීමට නීතිඥ සහාය ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතු ය. එසේ නොකළහොත්, එය සාධාරණ නඩු විභාගයක් වන්නේ නැත.

0 Minute