කෑම සීල් තියන කොමිෂන් හා Do No Harm Policy
ප්‍රජාතන්ත්‍රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්‍රතිපත්තියයි.
ප්‍රජාතන්ත්‍රවාදය උස්මුරුත්තා වී සිටින ලාංකිකයන්ට බටහිර ප්‍රමිතියක් උගැන්වීමට අදහස් කරමි. ඒ වනාහි ඩූ නෝ හාම් පොලිසි හෙවත් කිසිවකුට කිසිදු හානියක් සිදු නොකිරීමේ ප්‍රතිපත්තියයි.
ලංකාවේ ඊනියා මැතිවරණ නිරීක්ෂක රාජ්‍ය නොවන සංවිධාන නායකයන් කොයි තරම් මුග්ධ පිරිසක් ද යත්, ඔවුන් පැමිණිලි කළ බව කියන්නේ සත්‍ය මූල්‍ය වංචාවට එරෙහිව නොව, රජයේ දේපළක් වන නිල ඇඳුම ඇඳගෙන ඒම සම්බන්ධයෙන් පමණි. ඊට වඩා ප්‍රබල මූල්‍ය වංචාව ඔවුන් ද වංචනික ලෙස මගහරිති.
ඔහුගේ පක්ෂය වන ජවිපෙ 2021දී මුදල් ඇමති බැසිල් රාජපක්ෂ විසින් ගෙන ආ හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ මුදල් පනතට එරෙහිව අධිකරණයට ගියේය. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් කළ යුතුය යන්න ජවිපෙ ස්ථාවරයයි.
බැසිල් කරනකොට වැරදිය. මනුවර්ණ කරනකොට හරිය.
කැබිනට් අනුමැතිය ලැබුණු නව අපරාධ ආදායම් පනත් (POCA) කෙටුම්පත මගින් අපරාධවලින් ලැබෙන මුදල් අධිකරණ භාරයට ගැනීමට සහ රාජසන්තක කිරීමට ඉඩ
ලෝක බැංකුව සහ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNODC) අතර හවුල්කාරිත්වයක් වන සොරකම් කළ වත්කම් ප්‍රතිසාධන (StAR) මුලපිරීම වසර 15 කට වැඩි කාලයක් මුළුල්ලේ ඩොලර් බිලියන 1.9කි. වැඩිම මුදල පිලිපීනයෙනි.
මේ සමස්ත මුදල ශ්‍රී ලංකාවේ සමස්ත මාසික ආනයන වියදමට ආසන්න මුදලක් පමණි.
අජිත් පැරකුම් ජයසිංහ අනුරුද්ධ පොල්ගම්පලව මට හමු වූ පළමු හා එකම වතාව පැලවත්ත කඳවුරේදීය. මා උසස් පෙළ විභාගය සඳහා වීරවිල
හෙළි නොකළ වත්කම් ආයෝජන සඳහා යෙදවීමේ නව මුදල් පනතට එරෙහිව ජවිපෙ අධිකරණයට යාම සාධාරණය. එහෙත්, මේ අන්දමින් සඟවාගෙන තිබෙන මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ වරදක් මම නම් නොදකිමි. නීති විරෝධීව උපයන ලද මෙම මුදල් සම්බන්ධයෙන් වරදකරුවන්ට දඬුවම් ලබානොදෙන පසුබිමක් තුළ එම මුදල් ආර්ථිකයට එකතු කරගැනීමේ කිසිදු වරදක් නැත.
වඩා වැදගත් කාරණයක් තිබේ. එනම්, මේ හැඳුනුම්පත් කෝටි දෙකක් පමණ අලුතින් සැකසීම පිටුපස තිබෙන දැවැන්ත ව්‍යාපාරයයි. එසේම, එන්නත්කරණයට කිසිදු අදාළකමක් නැති, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂට මෙම කාඩ්පත පිළිබඳ තිබෙන අසාමාන්‍ය උනන්දුවයි.
මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.