රාජ්‍ය අංශයේ පුරප්පාඩු අභ්‍යන්තර තුලනය මගින් පියවීම
රාජ්‍ය සේවයේ පුරප්පාඩු අභ්‍යන්තර බඳවාගැනීම් ඔස්සේ පිරවීම ඉතාම හොඳ දෙයක්. උපාධිධාරීන් අතර සිටින අති දක්ෂයන් ඍජුව රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සඳහා බඳවාගැනීම සඳහා පවත්වන පරිපාලන සේවා විභාග, අධ්‍යාපන පරිපාලන විභාග, පොලිස් හා බන්ධනාගාර සහකාර අධිකාරීන් බඳවාගැනීමේ විභාග ආදිය හරහා ඇත්තටම එම සේවාවන්ට එන්නේ දක්ෂයන්ද නැතිනම් කුමන හෝ අන්දමකින් මෙම තරග විභාග සමත් වන අහඹු පිරිසක්ද යන්න ද නැවත කල්පනා කළ යුතුයි.