පළාත් සභා නම් දහංගැටය
අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා
අජිත් පැරකුම් ජයසිංහ පළාත් සභා නවයම මේ වන විට තිබෙන්නේ ආණ්ඩුකාර පාලනය යටතේ ය. නැගෙනහිර, උතුරුමැද සහ සබරගමු පළාත් සභා
මහ බැංකු බැඳුම්කර වංචාවේ මුල් අවධියේදී තර්කනය තිබුණේ එය වංචාවක් නොව පර්අපෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසාධාරණ ලාභ ලැබීමක් පමණකැයි කියාය. සමාගම් තිබෙන්නේ ලාභ ලබන්නට නොවේදැයි ප්‍රශ්න කෙරිණි. වර්තමානයේ පිරමීඩ් විල්මාර් ඇතුළු සමාගම් ගැනත් නැගෙන්නේ එම තර්කයමය. එහෙත්, ඊට වඩා දෙයක් මෙතන තිබේ. සමාගම්වලට එවැනි අසාධාරණ ලාභ ලබන්නට පහසුකම් සලසන තීරණ ගත් අය නිකම්ම පස්ස පැත්තේ අත පිහදාගත්තාද? මීයක් කඩන්නේ අත ලෙවකන්නට නොවේ.
තත්වය උත්සන්න වෙමින් පවතින අද දවසේ අවදානමෙන් ගැලවීම සඳහා මහජනතාවට අවශ්‍ය ප්‍රධාන දෙය නිවැරදි තොරතුරු බව ආණ්ඩුවට මතක් කර දිය යුතුය. කොවිඩ්-19 වසංගතය ආණ්ඩුවේ වරදකැයි කවුරුවත් කියන්නේ නැත. එහෙත්, එය නිසි ලෙස කළමනාකරණය කර නොගන්නේ නම්, එයට ආණ්ඩුව වගකිව යුතුය.
පොලිස් සේවයේ තනතුරු නාමයන් පවා කාන්තා පොලිස් කොස්තාපල්, කාන්තා උප පොලිස් පරීක්ෂක ආදී වශයෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කර තිබෙනවා. උසස්වීම් ලබාදීමේදීත් කාන්තා කාඩරය හා පිරිමි කාඩරය අනුව තමයි එය සිදුවන්නේ. අප ඉහත සඳහන් කරන ලද මූලික මානව අයිතිවාසිකම් පෙත්සමට හේතුව වන්නේත්, පොලිසියේ කාන්තා කාඩරයේ නියෝජ්‍ය පොලිස්පති තනතුරක් නොපැවතීමයි.
නායකත්වයක් නැහැ. මගපෙන්වීමක් නැහැ. ඇගයීමක් නැහැ. සමස්තයක් ලෙසම රජයේ සේවය තුළ පාරිභෝගිකයා වන මහජනයාට සේවා සැපයීම පිළිබඳ යහපත් ආකල්ප නැහැ. පුළුවන් නම්, ආපු වැඩේ කරගෙන පෙන්නපන් කියන එක තමයි ආදර්ශ පාඨය වෙලා තියෙන්නෙ. රජයට බදු ගෙවනකොට වුණත් එහෙමයි.
අර්ථශාස්ත්‍ර කියන්නේ රාජ්‍ය පාලනය ගැන විද්වත් රචනාවක්. එහි කර්තෘවරයා ලෙස සැලකෙන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය රජුගේ කාලයේ (ක්‍රි.පූ. 321-297) ජීවත් වූයේ යයි සැලකෙන කෞටිල්‍ය හෙවත් චානක්‍යයි. මෙම තීරු ලිපියේ අරමුණ කෞටිල්‍යගේ චින්තනය නැවත පණගැන්වීම නොවෙයි. මෙහි අරමුණ වන්නේ වර්තමාන අභියෝගවලදී රාජ්‍ය පාලනයට අවශ්‍ය නව චින්තනය නිර්මාණය කරගැනීම දිරිගැන්වීමයි. කෞටිල්‍ය ලිව්වේ එකල පැවති පාලනය වෙනුවෙනුයි. මා ලියන්නේ අපගේ ජනතාව හා අපගේ ජනරජය වෙනුවෙනුයි. කෞටිල්‍ය විසින් දෙන ලද උපදෙස් සියල්ලත් ක්‍රියාත්මක වුණේ නැහැ. මෙහිදීත් ඒක වෙන්නට පුළුවන්.
සුනාමි ගැන දේශපාලන කතා අතරින් හොඳ ම කතාව ‘හෙල්පිං හම්බන්තොට’ කතාවයි. මෙම ලිපියේ මුලදී හෙල්පිං හම්බන්තොට ගැන විස්තර කරනමුත්, සුනාමි
රාජ්‍ය අංශයේ ආයතනයක් සම්බන්ධයෙන් මෙම වෘත්තිකමය නොවන අපරිණත දේශපාලන මැදිහත්වීමට වැඩිපුර සම්බන්ධ බව පෙනෙන්නේ ප්‍රවාහන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගමයි. නිලධාරීන් මාරුකිරීමේ මෙම ක්‍රියාමාර්ගය ඔස්සේ ඔහු දැවැන්ත ප්‍රචාරයක් ගන්නට උත්සාහ කරන බව පෙනේ. 2018 වසරේදී දින 52 ආණ්ඩු සමයේ පාර්ලිමේන්තුවේ කතානායක මේසයේ මයික්‍රෆෝනයක් අතින් කඩන්නට ගිය දිලුම් අමුණුගම අත ද කපා ගත්තේය.
සිංහල බසින් යහපාලනය ගැන තිබෙන සමාජ ආකල්ප කෙසේ වෙතත්, ජාත්‍යන්තර රාජ්‍ය පාලනයේදී Good governance යනු නිරවද්‍යභාවය සම්බන්ධයෙන් පිළිගත් මූලධර්මයකි. ජාත්‍යන්තර ප්‍රජාව සමග සම්බන්ධ වීමේදී, වෙළඳාමේදී, ආධාර ලබාගැනීමේදී හා තවත් බොහෝ කටයුතුවලදී ශ්‍රී ලංකාව විසින් යහපාලනය අනුගමනය කළ යුතු යයි අපේක්ෂා කරනු ලැබේ. ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම යහපාලනය ද ඔක්සිජන් වැනිය. අපට එහි වටිනාකම දැනෙන්නේ එය අහිමි වූ විටය. එහෙත්, ඒ වන විට ප්‍රමාද වී වැඩි විය හැකිය.
බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය. කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත. දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත.