Science

නලින් ද සිල්වා, ලයිමා ෆාලිඩා ඇතුළු සියලු කට්ටඩියන් පරදවමු

ජාතික චින්තන තර්කනය අනුව, ලයිලා ෆාලිඩා නම් මෙම මුස්ලිම් කට්ටඩි ගැහැනිය ද මහාචාර්ය නලින් ද සිල්වා වැනි අයෙකි. ඔවුන් අතර වෙනසක් නැත. චන්න ජයසුමන වැනි නලින්වාදීන් දේව මණ්ඩල අමතන ආකාරයත්, ලයිලා යක්ෂයන් පලවාහරින ආකාරයත් අතර මූලික වෙනසක් නැත. ඇය විසින් කරන ලද ඝාතනය ද ඒ අනුව රෝහලකදී ප්‍රතිකාර ගනිමින් සිටි අයෙකු මියයාම වැනි සාමාන්‍ය දෙයකි.

1 Minute
Philosophy

නලින් ද සිල්වාට ප්‍රසිද්ධ විවාදයකට අභියෝගයක්

මහාචාර්ය ද සිල්වා මහතාගේ දර්ශනය පිළිබඳ ඕනෑම සංවාදයකට හෝ විවාදයකට සහභාගීවීමට අප සුදානම්ව සිටිමු. මෙවන් විවාදයන්ට එළඹෙන මහාචාර්ය ද සිල්වා මහතා හා ඔහුගේ අනුගාමික ‘නලීන්වාදීන්’ අදාළ ප්‍රස්තුතය ගැන කතා නොකර තම ප්‍රතිවාදීන්ට බටහිර ගැත්තන්, එන්ජිඕ කාක්කන්, අනුකාරක උගතුන්, පඩිනැට්ටන්, ටයිමාමාලා වැනි අපහාසාත්මක වදන් වලින් ආමන්ත්‍රණය කරයි. මෙවන් පහත් ක්‍රියාවන්ට අප කෙසේවත් නොනැමෙනු ඇත. වයෝවෘද්ධ, සිංහල බෞද්ධ මහාචාර්යවරයකුට නොතරම් වන තරම් ද්වේෂයෙන් හා ක්‍රෝධයෙන් තම ප්‍රතිවාදීන්ට පහරදීම මහාචාර්ය ද සිල්වා මහතාගේ පිළිතුරු දීමේ කලාවයි. මෙවැනි අවලාදවලට අප පිළිතුරු නොදෙන බව මුලින්ම පැහැදිලිව ප්‍රකාශ කර සිටිමු. අදාළ ප්‍රස්තුතය පිළිබඳව පමණක් සංවාදයකට හෝ විවාදයකට මහාචාර්ය ද සිල්වා මහතා සමග හෝ ‘නලීන්වාදී’ අනුගාමිකයින් සමග අප සුදානම්ය.

1 Minute