Matugama.com

රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිත වන ගම්මාන හා සංචාරක කර්මාන්තය

මේ වන විට රන්වලාගල වන රක්ෂිතය ආශ්‍රිතව වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ‘වන ගම්මාන’ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා. ඒ පිළිබඳ ගම්වාසීන්ජ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද දින ඉද්දගොඩ ශ්‍රී සුමනභද්‍රාරාම විහාරස්ථානයේදී පැවැත්වුණා. අනුප පස්කුවල් මන්ත්‍රීවරයා, මතුගම ප්‍රාදේශීය සභාවේ සභාපති මෙරිල් මුණසිංහ, ප්‍රාදේශීය ලේකම් ශ්‍යාමා කාරියවසම්, වනජීවී හා වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් හා සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ නිලධාරීන් මෙම වැඩසටහනට සහභාගී වුණා.

1 Minute
Matugama

කුරුල්ලන්ගෙ මේ විස්මිත සංදර්ශනය මතුගම විතරයි

මේ දර්ශනය දකින්නට ලැබෙන්නේ සෑම වසරක ම සැප්තැම්බරයේ සිට ඊළඟ අවුරුද්දේ අප්‍රේල් දක්වා පමණයි. සැප්තැම්බරයේ සිට කුරුල්ලන් ටික ටික ඇවිත් ඔක්තෝබරය අවසන් වන විට රෑට ලැගුම් ගන්නට එන කුරුල්ලන්ගෙන් මතුගම නගර මධ්‍යයේ සිට වීදි හතරේ ම විදුලි කම්බි වැසී යනවා. ප්‍රමාද වෙලා ලැගුම් ගන්නට එන කුරුල්ලෙකුට වසන්නට තැනක් නැති වන තරමට ලක්ෂ ගණනක් කුරුල්ලන් විදුලි කම්බි මත වසා ගන්නවා. කොටින් ම හංදිය මැද්දෙ ඔර්ලෝසු කණුවෙ කටුවලත් කුරුල්ලන් වහනවා.

1 Minute
Matugama

කොවිඩ්-19 වැළඳුණු මතුගම මිතුරකුගේ කතාව ඇසුරින් අපේ අනාගතය

මතුගම සහ කොළඹ අතර ධාවනය වන වායුසමනය කළ බසයක කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ඊයේ රාත්‍රියේ තොරතුරක් ලැබිණි. ඉන් එක් අයෙකු අප මිතුරකු බව පසුව දැනගතිමි.

ඔහු පීසීආර් පරීක්ෂණය කරගෙන ඇත්තේ ජාතික රෝහලේ කොවිඩ්-19 වැළඳුණු පැලවත්තේ හෙද නිලධාරිවරියක මෙම බසයේ නිතිපතා යන එන නිසා ඇති වූ සැකය නිසාය.

1 Minute