Politics
චැනල් ෆෝ ප්‍රහාරයේ මහ මොළය කවුරුද?
අජිත් පැරකුම් ජයසිංහ චැනල් ෆෝ ප්‍රහාරය පදනම් කරගෙන ඉතා පැහැදිලිවම සිදුවෙන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයට විරුද්ධ ආගමික දේශපාලන පදනම්
1 Minute
අජිත් පැරකුම් ජයසිංහ චැනල් ෆෝ ප්‍රහාරය පදනම් කරගෙන ඉතා පැහැදිලිවම සිදුවෙන්නේ රාජ්‍යයේ සිංහල බෞද්ධ ගොවිගම අධිපතිවාදයට විරුද්ධ ආගමික දේශපාලන පදනම්
වත්මන් ආණ්ඩුව හා සම්බන්ධ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සිට ගම් මට්ටමේ බයියාවරුන් දක්වා සියලුදෙනා පසුගිය කාලයේ කී පරිදි මේ පිටුපස මහමොළ තිබේ. එසේ පුන පුනා කියූ වාර ගණන අනුව දැන් එය අපගේ සිත්වල ඇත්තක් ලෙස ස්ථාපිත වී හමාරය. එවැනි මහමොළ මේ පසුපස නැති බව දැන් අපට පිළිගත නොහැකිය. මහමොළ තිබිය යුතුය. නැතිනම් හැදීමට හෝ අවශ්‍යය.
එක්කෝ පාස්කු ප්‍රහාරය අප සිතන තරම් සංකීර්ණ නැති, ඒ කට්ටිය විසින් බෝම්බ සොයාගෙන බැඳගෙන පුපුරවාගෙන කරන ලද සරල වැඩක් විය යුතුය. නැතිනම් තවමත් නොවිසඳුණු අභිරහස් රැසක් ඉතිරිව තිබේ.