බුද්ධිමත් ආදරවන්තයන්ට ලැප්ටොප් එකක් තෑගි

වැලන්ටයින් දිනය වෙනුවෙන් ඔබට ලැප්ටොප් එකක් තෑගි දිනාගන්න මෙන්න අවස්ථාවක්. තරගයේ විස්තර පහත දැක්වෙනවා. අනුග්‍රහය එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල.

පෙබරවාරි 14දාට යෙදෙන වැලන්ටයින් දිනය නිමිති කරගෙන ලෝකය ආදරය ️ සමරනවා ❤. ආදරය හා ලිංගිකත්වය සම්බන්ධයෙන් දැනුවත් තීරණ ගැනීම තරුණ තරුණියන්ට ඉතා වැදගත්. ඒ තීරණ ඔවුන්ගේ සිරුර හා ජීවිතය පිළිබඳ ගන්නා තීරණයි.

සෑම තරුණ පුද්ගලයකුට ම යම් දිනෙක ලිංගික හා ප්‍ර‍ජනන සෞඛ්‍යය සම්බන්ධයෙන් ජීවිතය වෙනස් කරන තීරණ ගන්නට සිදු වෙනවා. එහෙත්, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ගෙන් 50%කට එවැනි දැනුවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම නැති බව හෙළිදරව් වී තිබෙනවා. එහි ප්‍ර‍තිඵලයක් ලෙස දිනකට 600ක් පමණ ගබ්සා කිරීම් රටේ සිදුවෙනවා. නිවැරදි තොරතුරු හා සේවා වෙත ප්‍රවේශය ලබා දීමෙන් අපට සෑම ගැබ්ගැනීමක් ම අවශ්‍ය ගැබ්ගැනීමක් බවට පත් කරන්නට පුළුවන්.

මේ පෙබරවාරියේ ඔබේ දැනුම පරීක්ෂා කරගන්න. තෑගි දිනාගන්න.

දැනුම මිනුම තරගයට සහභාගි වන්න ක්ලික් කරන්න>>>

Leave a Reply

Your email address will not be published. Required fields are marked *