Politics

කෝවිඩ්-19 හමුවේ දේශපාලකයන් හා නිලධාරීන් නොව වයිරසය විශ්වාස කරන්න

කෝවිඩ්-19ට මුහුණදීමේදී දේශපාලකයන් හා නිලධාරීන් විශ්වාස නොකරන්න. මේ වන විට ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයන්ට පවා එන්නතේ දෙවෙනි මාත්‍රාව නැත. දේශපාලකයන් හා නිලධාරීන් මේ වනවිටත් උන්ට දෙවෙනි මාත්‍රාව ලබාගෙන තිබිය හැකිය. ජනාධිපති, අගමැති වැනි සියල්ල සංදර්ශනාත්මකව කරන දේශපාලකයන් පළමු මාත්‍රාව ගත් බව හෝ තවම ප්‍රසිද්ධ කළේ නැත. දේශපාලකයන් හා නිලධාරින් ඒ තරම් වංචනිකයෝය. ඔවුන් පිටුපසින් වෙළඳපොළවල්, ලාභය, දේශපාලනය, උන්නතිකාමය ආදී පටු අරමුණු රැසක් තිබේ. වයිරස්වලට එහෙම දේවල් නැත. වයිරසය විශ්වාස කරන්න. එය අව්‍යාජය.

1 Minute