පොලිසිය අයිසීසීපීආර් පනත වැරදි අන්දමින් භාවිතා කිරීම වැළැක්වීමට මහේස්ත්‍රාත්වරුන්ට ඇති හැකියාව ගැන නිදසුනක්
අයිසීපීපීආර් පනත මේ රටට අවශ්‍යය. එහෙත්, එය ඇප නොදී පුද්ගලයන් සිරකර තැබීම වැනි දණ්ඩනයන් සඳහා අනියමින් භාවිතා කිරීමට ඉඩ නොදී සිටීමට පොලිසිය වග බලා ගත යුතුය. පොලිසිය වැරදි අන්දමින් කටයුතු කරන්නේ නම් වහා එය නිවැරදි කිරීමේ හැකියාව මහේස්ත්‍රාත්වරුන්ට තිබේ.