Literature
මෑතක සිට දූෂිත, අපරාධකාරී, කුමන්ත්‍රණකාර දේශපාලකයකුගේ චරිතය වටි ගොඩනැගෙන කුමන්ත්‍රණ න්‍යාය සමුදාය විශේෂයෙන්ම දකණු ආසියාතික කලා සංදර්භයේ වට්ටෝරුවක් නිර්මාණය කර තිබේ. එහි කිසිදු වරදක් නැත. එහෙත්, දේශපාලකයාගේ මේ ඒකාකෘතික චරිතය සමාජය වෙත සන්නිවේදනය වීමත් සමග එක පැත්තකින් සියලු දේශපාලනඥයන් එසේ යයි සමාජය සිතීම හා එසේ වීම දේශපාලනඥයාගෙන් අපේක්ෂා කිරීම ද, දේශපාලනඥයා ද එසේ වීම ද සිදු වේ. එමගින් එම ආකෘතිය නැවත නැවතත් වැරගැන්වේ. මෙම ඒකාකෘතිය නැවත නැවත ඉදිරිපත් කිරීම ජනප්‍රිය විය හැකි වුවත්, එය සමාජ වෙනස සම්බන්ධයෙන් සාධනීය නැත. කලාකරුවාට එය අදාළ නැති බවට තර්ක කළ හැකිය. එහෙත්, කලාව රසවිඳින අපට ඒ ගැන කතාකිරීමට අයිතියක් නැතැයි කියන්නට හේතුවක් ද නැත.