වරාය නගර පනත යනු රාජපක්ෂවාදයේ මරලතෝනියයි
අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ
අජිත් පැරකුම් ජයසිංහ පෝට් සිටි පනත හෙවත් කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ සරල ඇත්ත වත්මන් ආණ්ඩුවේ
අජිත් පැරකුම් ජයසිංහ අණන සුවය කියන්නේ මොකක්ද? අණන සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ පත්තකම්ම වග්ගයේ දෙවනි සූත්‍රයයි. ගිහියන්ට සතුටින් ජීවත්
අවශ්‍ය සම්පත් ලබාදීමෙන් තොරව රාජ්‍යය විසින් සේවයේ යොදවනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව තේරුමක් නැතිව වැඩිවීම මගින් පරිපාලනය තවත් දුෂ්කර වී තිබේ. රාජ්‍ය නිලධාරීන්ට දායකත්වයකින් තොරව ජීවිත කාලයම වෙනුවෙන් ලබාදෙන විශ්‍රාම වැටුප, විධිමත් අංශයේ සෙසු අයට ලබාදෙන දායකත්ව සේවා නියුක්ති අරමුදල් හා ස්වයං රැකියාවල නියුතු අයට හා අවිධිමත් අංශයේ අයට කිසිවක් ලබා නොදීම මගින් ශ්‍රම බලකායට ඇති කරනු ලබන විකෘති බලපෑම ඉවත් කිරීම විශේෂඥයන්ට රජයේ සේවයට ඇතුළු වීමට හා රජයේ සේවයේ සිටින අය ඉන් ඉවත් වී වෙනත් අංශවලට යාම සඳහා අත්‍යවශ්‍ය බව පෙනේ.
2 කොටස: එන්නත, භූගත ජලය, පොදු ප්‍රවාහනය හා තැපැල් සේවා යනාදිය (1 කොටස මෙතැනින්>>, 2 කොටස මෙතැනින්>>) රොහාන් සමරජීව වර්තමානයේ,
වර්තමාන ආණ්ඩුවේ සීනි බදු වංචාව ද පසුගිය ආණ්ඩුවේ බැඳුම්කර වංචාව වැනි ඊටත් වඩා වටිනාකමින් ඉහළ එකකි. මෙම අපරාධයට වගකිව යුත්තේ කවුරුද? ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය ඍජුවම එයට වගකිව යුතුය.
ආර්ථිකය ගැන ජාතිකවාදී සිතීම්වල සීමාවන් දෙකක් මේ ඔස්සේ පෙන්වා දිය හැකිය. පළමුවැන්න, සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන පරිභෝජනය කළ යුතුය යන ස්වයංපෝෂී ආකල්පයේ තිබෙන ගැටලුවයි. දෙවැන්න, ජාතික වශයෙන් ලාභ ලැබීම පිණිස කිසියම් රටක් තවත් රටකට කසල වැනි ලාභ, බාල නිෂ්පාදන අපනයනය කිරීමේ හෙවත් ඩම්පිං කිරීමේ ගැටලුවයි. ආර්ථික ජාතිකවාදය විසින් නිර්මාණය කරන මෙවැනි ගැටලුවලට විසඳුම් තිබෙන්නේ ජාතිකවාදය ඉක්මවා ගිය චින්තනයකයි.
රජය විසින් පොදු භාණ්ඩ සැපයිය යුතුයි. වෙළඳපොළ බලය පාලනය කළ යුතුයි. ව්‍යාපාර තොරතුරු ගලායාමේ තිබෙන අසාධාරණයන් හෙවත් තොරතුරුවල අසමමිතිකත්වය දුරු කිරීමට කටයුතු කළ යුතුයි. අසුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් නිශේධාත්මක බහිරතාවන් (negative externalities) නිසා නිර්මාණය වන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිය යුතුයි. සුබවාදී ආර්ථික ක්‍රියාකාරීත්වයන් හෙවත් ධනාත්මක බහිරතාවන් (positive externalities) හරහා වාසිදායක තත්වයන් උපරිම කළ යුතුයි.
ආණ්ඩුවේ නාමල් රාජපක්ෂගේ සිට පොහොට්ටුවේ වරාය වෘත්තීය සමිති දක්වා කොයිකාටත් අවසානයේදී ජනාධිපතිවරයා ගැන සංවේදී වන්නට සිදුවේ. අසංවේදී වුණොත්, ජනාධිපතිවරයා ඉන්දියාවේ සංවේදීකම පරික්ෂා කරන්නට ගොස් ඇනගන්නට ඉඩ තිබේ. ඉන්දියාව සමග ගියොත් අවුලක් නැතුව චීනය සමග ද යා හැකි වනු ඇත.
වර්තමානයේ ලෝකය තුළ පවතින්නේ ගෝලීය ආර්ථික මූලෝපාය හා ජාතිකවාදය අතර ගැටුමක් ඔස්සේ ඉදිරියට යන ගමනකි. මේ මොහොතේ ගෝඨාභය රාජපක්ෂ උත්සාහ කරන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි. එම ආර්ථික මූලෝපායෙහි රාමුව තුළ ජාතික දේපල, රටේ සම්පත් වැනි සංකල්පවල අර්ථය නැවත විග්‍රහ කරගත යුතුය. ජාතික සම්පත් විකුණනවා වැනි සටන් පාඨ එම කාර්ය රාමුව තුළ ඒ අර්ථයෙන් පවතින්නේ නැත.
වර්තමාන ආණ්ඩුවත්, මේ වරාය වෘත්තීය සමිතිත් අතර මහා ගැටුමක් නිර්මාණය වෙමින් තිබේ යයි සිතන්නේ නම් එය ද මුළාවකක් විය හැකිය. පසුගිය මහ මැතිවරණය අභිමුව වරාය වෘත්තීය සමිති විසින් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදෙන බවට ලිඛිත පොරොන්දුවක් ඉල්ලා දියත් කරන ලද වෘත්තීය අරගලය අවසන් වූ හැටි නැවත සිහිපත් කරන්න. එදා අරලියගහ මන්දිරයට ගොස් පැමිණි වෘත්තීය සමිති නායකයන් කතාකළේ ගැහිගැහීය. ලිඛිත පොරොන්දු කිසිවක් නොමැතිව සටන අවසන් විය. දැන් වෘත්තීය සමිති නායකයන් අතර එහෙම බයක් නැත්තේ ඇයි? වරාය විකිණීමට එරෙහි සටන ද ආණ්ඩුව විසින්ම මෙහෙයවනවා වෙන්නට පුළුවන. ඉන්දියාවට නොදී රැකගන්නා දේ පසුව චීනයට දෙන්නට පුළුවන.