Agriculture

ලංකාව ආක්‍රමණය කරන මේ විදේශීය බලවේග ගැන අවධානය මදි

ශ්‍රී ලංකාවේ අමාත්‍ය මණ්ඩලය විසින් 2016 වසරේදී සම්මත කරන ලද ආක්‍රමනික ආගන්තුක ජීවීන් පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් මේ වන විටත් නව සත්ව සහ ශාක විශේශ ගණනාවක් මෙරටට ගෙන්වා ඉන් ඇතැමෙකු මේ වන විටත්ස්ව භාවික පරිසරයට එක්ව බෝවීමටද පටන් ගෙන තිබෙන බව පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන පෙන්වා දෙයි.

1 Minute
Media

භාග්‍යා නොඉවසීම

මෙවැනි සුළු සිදුවීම් ඉවසන්නට ආණ්ඩුවට හා එයට සම්බන්ධ අයට බැරිවීම හා සාමාන්‍ය ගැමි තරුණියකට එරෙහිව මාධ්‍ය ඔස්සේ ප්‍රචණ්ඩත්වය මුදාහැරීම සහ පොලිසිය මැදිහත්කර බියපත් කිරීම සරල සිදුවීමක් නොවේ. අසාර්ථක පාලකයන්ට විරුද්ධ මත ඉවසාගැනීමට නොහැකිව සිදුකරන ලද ජන ඝාතන, අතුරුදහන් කිරීම් හා වධහිංසනයන් පිළිබඳ උදාහරණ ශ්‍රී ලංකාවේ එමටය. ලංකාව වැනි රටවල බලයට පත්වන ජනප්‍රිය, එහෙත්, බුද්ධියෙන් අඩු පාලකයන් පහසුවෙන් මර්දනයට හා රාජ්‍ය ත්‍රස්තවාදයට යොමුවිය හැකිය.

1 Minute
Environment

දාරලුවේ පඬුකරඳ (හිමි)

මතභේදයට තුඩුදී තිබෙන ගස විද්‍යාත්මකව ඉවත් කර වඩා හොඳ තැනක ප්‍රතිස්ථාපනය කර සංරක්ෂණය කිරීම එතරම් දුෂ්කර කාර්යයක් බව පෙනෙන්නේ නැහැ. විරෝධතාවාදීන් බොහෝදෙනෙකුත් මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභවලට ලොල් අය. ඒ කෙසේ වෙතත්, මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය රට ණය කරමින් දැන් කලක් තිස්සේ ඉදිරියට යන එකක්. එය අතරමග නවත්වා නොදැමිය යුතුයි. පරිසරවේදීන්, සමාජ ක්‍රියාකාරිකයන් කළ යුතුව තිබෙන්නේ මෙවැනි ප්‍රශ්නවලට විසඳුම් සොයාගැනීමට රජයට උපකාර කිරීම මිස රජයෙන් මස් රාත්තලම ඉල්ලා කඩාකප්පල්කාරී ලෙස හැසිරීම නොවෙයි. මෙවැනි මෙගා සංවර්ධන ව්‍යාපෘති මේ රටට අවශ්‍යද යන්නත් ඊළඟට කල්පනා කළ යුතුයි.

1 Minute
Photos

ආනවිලුන්දාවේ පිංතූර

චන්ද්‍ර ජයසිංහ ආනවිලුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය යටතේ අභයභූමියක් ලෙසද ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක් ලෙසද ප්‍රකාශයට පත්කොට

0 Minute
Environment

යෝෂිත රාජපක්ෂ ඉල්ලන මස් රාත්තල සජීව චාමිකර නොදිය යුතු ය

අජිත් පැරකුම් ජයසිංහ අගමැති මහින්ද රාජපක්ෂගේ පුත්‍ර හා නාවික හමුදාවේ නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ පරිසරවේදී සජීව චාමිකරට එන්තරවාසියක් යවමින් රු.

0 Minute
People

රුක් රැකගන්න සටන් කළ කාමිනී මීදෙණිය විතාරණ

කාමිනී මීදෙණිය විතාරණ කියන්නේ ශ්‍රී ලංකාවේ සිටි ජ්‍යේෂ්ඨ පරිසර ක්‍රියාකාරිනියක්. 1928දී රුවන්වැල්ල ආසන්නයේ මුදුගමුව ගමේ උපන් ඇය 2020 ජුලි 27දා

1 Minute
Environment

ගස් සිටුවන ආණ්ඩු හැමදාමත් තිබිණි; අවශ්‍ය ගස් රැකගන්නා ආණ්ඩුවකි

අලුත් ආණ්ඩුව බිහි වීමත් සමග තාප්පවල චිත්‍ර ඇඳීමට ඇති වුණ උනන්දුව දැන් දැන් වඩා සාධනීය දිශා වෙත යොමුවෙමින් තිබෙනු දැකිය

0 Minute
Environment

චම්පික හා රෝසි කොළඹ කුණුවලින් පුරවන්නට හදන්නේ ඇයි?

අරුවක්කාලු කසල අංගනය විවේචනය කරමින් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක කළ ප්‍රකාශයක් පදනම් කරගෙන බොළඳ ලෙස පෙනෙන ක්‍රියාමාර්ගයක් ගැනීමට මෙගාපොලිස් අමාත්‍යාංශයේ

1 Minute