විශ්වවිද්‍යාල සිසුවියන් ඝාතනය හා නීතිය ක්‍රියාත්මක වන හැටි
ශ්‍රී ලංකාවේ සිදු වන කාන්තා මිනීමැරුම්වලින් තුනෙන් එකක් සමීප සහකරුගේ ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ බව ද, එවැනි සිදුවීම්වලින් 69%ක් ම නිසි පරිදි වාර්තා වන්නේ නැති බව ද ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමයින්ගේ අස්වාභාවික මරණ (වැළැක්වීම හා යුක්තිය ඉටු කිරීම)’ සම්බන්ධ ප්‍රතිපත්ති සාරාංශයෙහි දැක්වේ. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) සහ කැලණිය විශ්වවිද්‍යාලය එක්ව කරන ලද මෙම අධ්‍යයනය විසින් හෙළිදරව් කරන ලද තවත් කාරණයක් වන්නේ ශ්‍රී ලංකාවේ රෝහල්ගත කිරීම්වලට ප්‍රධාන ම හේතුව ශාරීරික හිංසනයන් බවයි.