Sri Lanka Israel relations

ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාවේ සංකීර්ණ සබඳතාව අවබෝධ කර ගැනීම

පුන්සර අමරසිංහ (දළ පරිවර්තනය: Creative Content Consultants)

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය යන රාජ්‍ය දෙකම 1948 දී ජාතික රාජ්‍යයන් ලෙස නිර්මාණය වූ අතර, ඊශ්‍රායල රාජ්‍යයේ ස්වාධීන තත්ත්වය නිල වශයෙන් පිළිගත් ප්‍රථම ලෝක නායකයන් අතර ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක ද විය. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පසුකාලීන දේශපාලන වර්ධනයන් ඊශ්‍රායල-ශ්‍රී ලංකා සබඳතාවයන් පළුදු කර ඇත.

විශේෂයෙන්ම, හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක අරාබි ලෝකය සමඟ සම්බන්ධතා පුළුල් කරගැනීම හේතුවෙන් ඊශ්‍රායලය සමඟ ඇති සබඳතා තවදුරටත් පළුදු විය.  ජාතික විමුක්ති ව්‍යාපාර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් යටත් විජිත විරෝධීන් සහ මාක්ස්වාදීන් සමග නොබැඳි ජාතීන් හරහා පවත්වන ලද සම්බන්ධතාව ඔස්සේ 1970 මැයි මාසයේදී, ලංකාව සිරිමාවෝ බණ්ඩාරනායකගේ මඟපෙන්වීම යටතේ ඊශ්‍රායලය විසින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාව 242 උල්ලංඝනය කිරීම හේතු කරගෙන ඊශ්‍රායලය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටවීය. (මෙම යෝජනාවේ ප්‍රධාන කොටසක් වූයේ 1967දී සය දින යුද්ධයෙන් ඊශ්‍රායලය අල්ලාගත් ප්‍රදේශවලින් ඉවත් වීමයි – පරිවර්තක)

බණ්ඩාරනායක අගමැතිනියගේ නායකත්වයෙන් යුත් රජය 1975 දී පලස්තීන විමුක්ති සංවිධානයේ (PLO) කෙළඹ පලස්තීන තානාපති කාර්යාලය විවෘත කිරීමට ඉඩ දුන්නාය. එහෙත්, ශ්‍රී ලංකා ආණ්ඩුවට හොර රහසේ PLO විසින් 1970 ගණන් මැද සිට දෙමළ බෙදුම්වාදී තරුණයින් පුහුණු කරමින් රහසිගතව මිලිටරි සහයෝගය ලබා දෙමින් සිටියේය. දෙමළ සටන්කාමී කණ්ඩායමක් වන ඊලාම් විප්ලවවාදී සංවිධානය එක්සත් රාජධානියේ PLO නියෝජිතයා සමඟ සබඳතා ගොඩනඟාගෙන යසර් අරෆත්ගේ ෆාටා වෙතින් හමුදා පුහුණුව ලබා ගත්හ.

මහින්ද රාජපක්ෂ නම් තරුණ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගීතා ව්‍යාපාරය ආරම්භ කිරීමෙන් PLO ද බණ්ඩාරනායකගේ රජය සමඟ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රීඩාවක් කළේය.

PLOහි දෙබිඩි අභිප්‍රායන් බණ්ඩාරනායක තේරුම් ගත් අගමැති සිරිමාවෝ දෙමළ බෙදුම්වාදීන්ට මිලිටරි සහයෝගය නතර කරන ලෙස ඉල්ලා අරෆත්ට ලිපියක් ලිවීය. වෙනම රාජ්‍යයක් සඳහා සටන් කරන දෙමළ කැරැලිකරුවන් පුහුණු කිරීම අනාගත පලස්තීන රාජ්‍යයට වාසිදායක වනු ඇතැයි විශ්වාස කළ අරෆත් එම ඉල්ලීම නොසලකා හැරියේය.

ශ්‍රී ලංකාව අවසානයේ දෙමළ බෙදුම්වාදී ගරිල්ලා ව්‍යාපාරයට එරෙහිව සටන් කිරීම සඳහා 1980 ගණන්වලදී හමුදා සහ තාක්ෂණික සහාය සඳහා ඊශ්‍රායලය වෙත යොමු විය. කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයට අනුයුක්ත ඊශ්‍රායල කාර්යාංශය පිහිටුවීමට මග පෑදීය. 1984 දී දෙමළ සටන්කාමීන් විසින් කොළඹ හෝටලයකට එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය එම හෝටලයේ පදිංචිව සිටි ඊශ්‍රායල මොසාඩ් නියෝජිතයකු ඉලක්ක කර ගත් බවට ඇතැම් විශ්ලේෂකයෝ පවා චෝදනා කරති.

1985 දී ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ පුත් රවී ජයවර්ධන සහ ඊශ්‍රායල අගමැති යිට්ෂාක් ෂමීර් අතර පැවති සාකච්ඡා ඊශ්‍රායලය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට ශ්‍රී ලංකාවට තාක්ෂණික සහාය ලබා දීමට හේතු විය. ඊශ්‍රායල විදේශ අමාත්‍යාංශයේ ආසියානු අංශයේ සහකාර අධ්‍යක්ෂවරයා මෙම සාකච්ඡාවලදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළේය. මීට අමතරව, බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස අනුගමනය කරමින් උතුරු හා නැගෙනහිර කෘෂිකාර්මික ජනාවාස (වැලිඔය, වැලිකන්ද වැනි – පරිවර්තක) සංවර්ධනය කිරීම සඳහා ගාමිණී දිසානායක ඊශ්‍රායල ජාතිකයන්ගෙන් උපදෙස් ලබා ගත්තේය.

ඊශ‍්‍රායලය දෙමළ ජනයාගේ ස්වයං නිර්ණය සඳහා වූ අරගලය සම්බන්ධයෙන් කැපී පෙනෙන ලෙස නිහඬ විය. 1986 දී කොළඹ ඊශ්‍රායල් අංශයක් පිහිටුවීමට ආසන්න දිනක ඊශ්‍රායල් නියෝජිතයා ප්‍රකාශ කළේ “කොළඹ රජය පිළිගන්නා අය හැර දෙමළ ජනතාව සමඟ සබඳතා ඇති කර ගැනීම මේ අවස්ථාවේ අපේ අරමුණ නොවේ. මේ මොහොතේ මුළුමනින්ම සාක්ෂාත් කරගත හැකි යැයි පෙනෙන අපගේ ඉලක්කය වන්නේ ශ්‍රී ලංකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අලුත් කර ගැනීමයි.”

ඊශ්‍රායලය සමඟ සබඳතා වර්ධනය වුවද, ශ්‍රී ලංකාව දිගටම පලස්තීන රාජ්‍යයක් සඳහා සටන් කරන පලස්තීනුවන් සමඟ ද යට ගනුදෙනු පැවැත්වීය. ශ්‍රී ලංකාව ෆාටා සංවිධානයට කොළඹදී සත්කාරකත්වය ලබාදී, එය පලස්තීන ජනතාවගේ නියෝජිතයා ලෙස පිළිගත්තේය, එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී පලස්තීනුවන්ට සහාය දැක්වූ අතර පලස්තීන නිලධාරීන් සමඟ සමීප සබඳතා ගොඩනඟා ගත්තේය. ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින් බොහෝ විට ඊශ්‍රායලය සම්බන්ධ තම ප්‍රවේශය සකස් කර ගත්තේ දේශීය මුස්ලිම් ප්‍රජාව අතර ජනප්‍රියතාව කෙරෙහි සැලකිලිමත් වෙමිනි. නිදසුනක් වශයෙන්, ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගිතා ව්‍යාපාරයට මහින්ද රාජපක්ෂගෙන් අඛණ්ඩ සහයෝගයක් ලැබුණි. 2005 ජනාධිපතිවරණ සමයේදී මුස්ලිම් ඡන්ද සුරක්ෂිත කර ගැනීම සඳහා එය දේශපාලන මෙවලමක් ලෙස භාවිතා කරන ලදි. කෙසේ වෙතත්, එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් හමුදා සහාය සහ ආයුධ මිලදී ගැනීම දිගටම කරගෙන ගියේය.

සිවිල් යුද්ධයේදී ඊශ්‍රායලය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතාව කලාපයේ ජාත්‍යන්තර දේශපාලනයේ සංකීර්ණ ගතිකත්වය පිළිබිඹු කරමින් සංකීර්ණ රාජ්‍ය තාන්ත්‍රික උපාමාරු සහ මාරුවීම් සන්ධානවලින් සලකුණු විය.

උපුටාගැනීම: INTERNATIONAL POLICY DIGEST

Punsara Amarasinghe holds a PhD in International Law from Scuola Universitaria Superiore Sant’Anna in Pisa, Italy. He also holds a Master of Laws from South Asian University, New Delhi and completed his undergraduate studies in law at the University of Colombo, Sri Lanka. Previously, Punsara worked as a research assistant at the Higher School of Economics in Moscow in 2018 for a project on Russian legal realism. He also held two visiting research fellowships at the University of Wisconsin Madison and at Paris’s esteemed Sciences PO. For a brief period, he worked at the Minerva Center for Human Rights at Hebrew University, Jerusalem.