Navod Paranavithatna

පන්දු 326කින් ලකුණු 409ක් රැස් කළ නවෝද් පරණවිතාන

මේ ඉන්නෙ 2019 අවුරුද්දෙ 19න් පහළ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා වුණ, අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායම ද නියෝජනය කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ නවෝද් පරණවිතානයි. මේ සති අන්තයේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට එරෙහිව වයස අවුරුදු 19න් පහළ තරගයකදී මේ පාසල් සිසුවා පිත්තෙන් එක් ඉනිමකදී ලකුණු 409ක් ලබාගෙන ජාතික වාර්තාවක් තැබුවා. ඒ පන්දු 326කින් හයේ පහරවල් 19ක් සහ හතරේ පහරවල් 39ක් සමගයි.

Translations by Creative Content Consultants

නවෝද් පරණවිතාන මෙම දක්ෂතාව පළ කළේ 2019/20 වසරේ 19න් පහළ පළමු කාණ්ඩයේ තරගයකදීයි.

මහින්ද විද්‍යාලයීය පිටියේ පැවති මෙම තරගයේදී මහින්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා පන්දු ඕවර 132කදී සියලු දෙනා දැවී ලකුණු 679ක් රැස් කළා. ධර්මාශෝක කණ්ඩායම පන්දු ඕවර 42කදී සියල්ලන් දැවී රැස් කළේ ලකුණු 185යි. තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඔහු බිඳ දැමුවේ මීට මාසයකටත් අඩු කාලයකට පෙර වත්තල ශාන්ත අන්තෝනි විදුහලේ අවිෂ්ක තරිඳු ලුම්බිනි විද්‍යාලයට එරෙහිව රැස්කළ ලකුණු 350 වාර්තාවයි. අවිෂ්ක බිඳ දැමුවේ 1996දී මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ ධම්මික වාස් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලට එරෙහිව ලකුණු 310ක් රැස් කර තැබූ වාර්තාවයි.

Translations

Leave a Reply

Your email address will not be published. Required fields are marked *