මංගලය උදෑසන
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.
අජිත් පැරකුම් ජයසිංහ විසින් ලියන ලද මෙම කවිය 2021 පෙබරවාරි 14 ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙනි.
මාත් ගුරුවරයකු ලෙස දරුවන්ට ශාරීරික දඬුවම් පමුණුවා තිබෙන බව කියන්නෙ දැඩි පසුතැවිල්ලකින්. ඒ වුණත්, ගුරුවරයකු ලෙස මං ළමයින්ට දඬුවම් කළාට වඩා ඔවුන් සමග ජීවත් වෙලා, සතුටු වෙලා, ආදරය කරලා, ගෞරව කරලා තියෙනවා. මට ඒ නිසා ගුරු ජීවිතය ගැන තියෙන්නෙ සතුටක්. මගේ සිසුන් මගෙන් ඉගෙනගත්තාට වඩා දේවල් මං ඔවුන්ගෙන් ඉගෙනගත්තා. ඒ නිසා මට දැන් ගුරු ජීවිතය සොඳුරු මතකයක් විතරයි. මට ඒකෙ ඇරියස් නැහැ. මං අකැමැතිම දෙය තමයි ඉස්සර මගෙන් ඉගෙනගත්ත ළමයි මට වඳින එක. වාසනාවට වැඩිදෙනෙකුට මාව මතක නැහැ. ළමයින්ට මතක හිටින ගුරුවරයකු වෙන්න විශේෂයෙන් උත්සාහ කරන්න ඕනැ නැහැ. ඔබ ඔබ වෙන්න. ඉතිහාසය නිර්මාණය කරන්නේ ඉතිහාසය විසින්.
ජයලාල් රෝහණ යනු දොරමඬලාව වැනි විකාරයන් හා බාල සිනාව පසුපස යාම නිසා හරවත් දෙයක් කරගන්නට කාලය නොලැබුණු දක්ෂයෙකි. එවන් දක්ෂයන්ට ජීවත්ව සිටියදීම ශාස්ත්‍රීයව මියයන්නට ඉඩහරින සමාජය කුහකය. මිනිසකු මියගිය පසු එම මිනිසාගේ ආලෝකයෙන් තමන්ගේ ප්‍රතිරූපය එළිය කරගන්නට ව්‍යාජ අනුස්මරණ කරන මිනිසුන් දැක ඇස ගිනිකණ වට්ටා නොගන්න. සීමිත කාලය තුළ ඔබට කළ හැකි උපරිමය කරන්න.
ඒ තමයි, එදා මෙදාතුර මගේ කවිවලට කැමතියි කියලා තියෙන ලොකුම සෙලිබ්‍රිටි තමයි වාසු සහෝදරයා. මගේ කවියක් හොඳයි කියලා තියෙන සමස්ත සංඛ්‍යාවත් ඕනැ නම් දහයක් දොළහක් ඇති. ඒ නිසා වාසු සහෝදරයා මට අති විශේෂයි.
අජිත් පැරකුම් ජයසිංහ ඇයි මේ නුඹයන හැමතැනමා පසුපස එන්නෙ මෙහෙම? නුඹ කවුරුද?මට සතුරුද?රැකවලෙක්ද?මමිතුරෙක්ද? නැතිනම් මාකරන කියනසිතනා දේ ගැනම සොයන ඔත්තුකාරහාදයෙක්ද?රාජකාරිකාටද නුඹ? යන